Saturday, February 6, 2021

පූර්ව ආපදා කලමනාකරණය

 

 පූර්ව ආපදා කලමනාකරණය

ආපදා තත්ත්වයක් සිදු වීමට පෙරින් එමගින් සිදුවිය හැකි හානිදායක තත්ත්වයන් හදුනා ගැනීම සහ එම හානිකර බලපෑම අවම කර ගැනීම සදහා සැලසුම් සම්පාදනය කිරීම මෙහිදී සිදුවේ. නිරන්තර  පර්යේෂණ හා නිරීක්ෂණ මගින් ලබාගන්නා තොරතුරු හා දත්ත මත පදනම්ව පූරව ව්‍යවසන පිළිබද විනිශ්චයන්ට එළඹීම හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ඒවාට ගොදුරු විය හැකි ප්රදේශයන්හි ජනතාව දැනුවත් කිරීම හා හානිය අවම කිරීම දහා ගත යුතු පියවරයන් ගැනීමත් මෙම අදියර යටතේ සිදු කරයි. මීට අමතරව මෙම අදියර තුළ දී ව්යෙඅසන අවමකරණය සහ ව්යෙඅසන වැළැක්වීම පිළිබදව අවධානය යෙමු කරනු ලබයි.

පූරව ආපාදා කලමනාකරණ ක්‍රියාවලිය සදහා ආයතනික සැලසුම් අත්යවශහ් අංගයක් වන අතර හා සමානව වැදගත් අංශයක් වශයෙන් ප්රජාව හදුනාගත හැකිය. එහි සාර්ථකත්වය උදෙසා ප්රජා සහභාගීත්වය අත්යවශහ් කරුණකි.

පශ්චාත් ආපදා කලමනාකරණය (post-Disaster Managment Phase)

ආපදාවක් සිදුවන අවස්ථාවේ දී හා ආපදාවක් සිදු වූ පසු එමගින් ඇති වූ හානිදායක තත්ත්වයන් හදුනා ගැනීම සහ එම හානිකර බලපෑම අවම කර ගැනීම සදහා සැලසුම් සම්පාදනය කිරීම මෙහිදී සිදුවේ. ආපදා වැනි හදිසි අවස්ථා වලදී පශ්චාත් ආපදා කළමනාකරණය අතිශය වැදගත් වූවකි. විශේෂයෙන් රාජ් ආයතන, රාජ් නොවන සංවිධාන, ප්රජා මූල සංවිධාන වල ක්‍රියාකාරිත්වය මෙහිදී කැපීපෙනෙන ලක්ෂණයකි. ආපදාවක් වූ පසු අවස්ථාවේ ප්රජාව ආරක්ෂා කිරීම හා ඔවුන්ට සහන සැලසීම පශ්චාත් ආපදා කළමනාකරණය තුළ සිදුවේ.

ආපදාව සාදා වන අවස්ථාවේ හෝ සිsදු වූ පසු ප්‍රජාව ආරක්ෂා කිරීම, නැවත පදිංචි කිරීම පශ්චාත් ආපදා කළමනාකරණය තුළ සිදු කරනු ලබයි. ප්‍රදේශිය ආපදා කළමණාකාර තුමා යටතේ ප්රදේශීය මට්ටමින් මෙය සිදු කරනු ලබන ආකාරය දැකගත හැකිය. පශ්චාත් ආපාදා කලමනාකරණ ක්‍රියාවලිය සදහා ආයතනික සැලසුම් අත්යවශහ් අංගයක් වන අතර හා සමානව වැදගත් අංශයක් වශයෙන් ප්රජාව හදුනාගත හැකිය. එහි සාර්ථකත්වය උදෙසා ප්‍රජා සහභාගීත්වය අත්යවශහ් කරුණකි.

1.4 නායයෑම් අර්ථ දැක්වීම

කදුකර ප්රදේශ ආශ්රිතව සිදුවන භූ විද්‍යාත්ම ක්‍රියාවලියක ප්රතිඵයක් වශයෙන් නායයෑම හදුන්වා දීමට හැකිය. ස්කන්ධ හායනය, ස්කන්ධ චලනය යන නම් වලින්ද නාය යෑම අරථ දක්වයි. නාය යෑම  යනු උස් ස්ථානයක සිට පහත් ස්ථානයක් දක්වා බෑවුමක් දිගේ ගුරුත්ව බලය නිසා මැටි, රොන් මඩ, වැලි, බොරළු හා විශාල ගල් වලින් සමන්විත ගලා යෑමකි (දහනායක, 1998). Encarta Encyclopaedia (2000) දක්වන ආකාරයට අස්ථායි බෑවුමක පිහිටි පාෂාණ හෝ පස් ස්කන්ධ පහළට චලනය වීම (කඩා වැටීම) නාය යෑමක් ලෙස හැදින්විය හැකිය. මෙය පාෂාණ ව්‍යුහය සකස් වී ඇති ද්‍රව්‍යවල සම්බන්ධතාව, බෑවුමේ ප්රමාණය, අන්තර්ගත ජල ප්රමාණය, ස්වභාවික හෝ කෘත්රිම ලෙස බෑවුමේ පහළ ප්රදේශයට සිදුවී තිබෙන යටි ඛාදන ප්රමාණය, සාපේක්ෂ චලන ප්රමාණය දීයේ ඇති වෙනස්කම් නිසා විවිධාකාර ස්වරූපයෙන් සිදුවේ (විල්සන් ඇතුළු පිරිස, 2008).

ඉතාම සරල වශයෙන් නාය යෑම යනුවෙන් අදහස් කරන්නේ පාෂාණ ස්කන්ධ, පාංශු කොටස් හෙවත් පාංශු සුන්බුන්, අවසා බෑවුමක් දිගේ පහතට හෝ පිටතට ගලා යෑමකි. වඩා සෙමින් හෝ වේගයෙන් හෝ ඇසට නොපෙනෙන තරම් සියුම් වේගයෙන් හෝ මෙය සිදු වීමට හැකිය.

භූ විද්‍යාත්ම භූ රූප ලක්ෂණ හා දේශගුණාත්මක හේතු නිසා ස්වභාවික හෝ කණින ලද බෑවුම් වල ස්ථායිතාවයට බාධාවන ඕනෑම අවස්ථාවක  විවිධ වරගවල ස්කන්ධ චලනයන් සිදුවිය හැකිය. නියත වෙන්වීමේ තලයන් ගේ, පතුල් පාෂාණ වලින් පාෂාණ කොටස් වෙන් වී වේගයෙන් ලිස්සායාමද නාය යෑම් ගණයට ඇතුළත් වෙයි. විශේෂයෙන් මේ ආකාරයෙන් ලිස්සා යෑමේ ක්රියාවලියට සෙමින් දිගු කාලයක් තුළ බෑවුම්වල සිදුවන ජීරණ ක්රියාවන්ද හේතු වෙයි. පාෂාණයන්හි ඇති පැලුම් නිසා ඇතිවන ලිස්සුම් තල නාය යන ප්රදේශවල විකාශනය වී දැකිය හැකිය. තද පාෂාණ බෑවුම්වල පිහිටන පාෂාණ කොටස් බුරුල් වී බෑවුම් පාමුලට ඇද වැටිය හැකිය. මෙබදු චලනයන් පාෂාණ වැටීමක් වශයෙන් භූ විද්‍යාත්මක ලෙස හදුන්වයි.

නායයෑම එහි සිදුවන ක්රියාවලිය අනුව වරග කීපයක්ම පවතී. විවිධාකාරයෙන් සිදුවන නාය යෑම් විවිධ මිනුම් අනුව වර්ග කර ඇත. මහාචාර්ය පී. ඩබ් විතානගේ පෙන්වාදෙන පරිදි නායයෑම් පහත දැක්වෙන පරිදි වරග කිරීමට හැකිය.

      01¡ විශාල ගලායෑම් සහ පාංශු ඛාදනය

      02¡ භූ තාක්ෂණික නායයෑම්

      03¡ සාමාන් නායයෑම්

ලොකයේ ස්වභාවික ආපදා වර්ගීකරණය තුළද වැඩි දෙනාගේ අවධානයට යොමුවන ස්වභාවික ක්රියාවලියක් වශයෙන් නාය යෑම හදුනාගෙන ඇත. එනම් භූ චලන, යමහල් ක්රියාකාරීත්වය හා ගංවතුර වැනි මිනිස් ජීවිත හා දේපළ විනාශ කරන ස්වභාවික සංසිද්ධි අතර නාය යෑම් මෑත කාලීනව මිනිසාගේ වැඩි අවධානයට ලක්ව තිබේ. අවකාශීය මානයෙන් නාය යෑම් සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට පෙනීයන කරුණ වන්නේ සමහර ප්රදේශවල නාය යෑම් ඉතාම අවම ප්රමාණයෙන් සිදුවන නමුත් සමහර ප්රදේශ වල බහුල වශයෙන් අඛණ්ඩව සිදුවන බවයි. ඇතැම් ප්රදේශ ආශ්රිතව සිදුවන නාය යෑම් කොතරම් බහුලද යත් ඒවා භූමි අලංකරණයේ හා යම් යම් අවස්ථාවන් වල  භූ රූප වෙනස් කිරීමේ  ප්රබල ප්රශ්න ඇතිකරන සාධකයක් වශයෙන් බලපානු ලබයි. ගොවිබිම්, කැළෑබිම්, ඉංජිනේරු දිකිරීම් හා ගොඩනැගිලි වලට සිදුකරන හානි හේතුවෙන් ඒවා විශාල වශයෙන් ආර්ථික ප්රශ්න ඇතිකරන ප්රබල ආපදාවක් බවට පත්ව ඇත. විශේෂයෙන් වනාන්තර විනාශ කිරීම, මාර්ග හා ගොඩනැගිලි දිකිරීම වැනි මානුෂ ක්රියාකාරකම් නිසා සිදුවන නාය යෑම් ක්රම ක්රමයෙන් වර්ධනය වී තිබේ. නාය යෑම් සිදුවන ආකාරයන්ගේ විවිධත්වයක් පවතී. මෙම විවිධත්වය සදහා ඒවායේ කාරකවල ඇති සංකීර්ණ අන්තර් සම්බන්ධතා නිසා ඒවා විස්තරාත්මක අධ්යයනයෙන් පමණක් හදුනාගත හැකිය.

නාය යෑම් සිදුවීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් විවිධාකාරයේ දෘශ්ටි කෝණයෙන් විග්රහ කිරීමට පුළුවන. මෙම විග්රහ කිරීම සාපේක්ෂ වශයෙන් එනිනෙකට වෙනස්වීම දක්නට ලැබෙන ප්රධාන ලක්ෂණයකි. විශේෂයෙන් නාය යෑම් ක්රියාවලිය සම්බන්ධයෙන් භූගෝල වි්‍යාඥයෙකුගේ දෘශ්ටි කෝණය භූ විද්‍්‍යඥයෙකු හෝ ඉංජිනේරුවෙකුගේ දශ්ටි කෝණයට වඩා අත්යන්තයෙන් වෙනස් වෙයි. භූගෝල විද්‍්‍යඥයෙකු නාය යෑමේ ක්රියාවලිය සම්බන්ධයෙන් යොමුකරන්නේ අවකාශීය දෘශ්ටි කෝණයකි. එනම් කාලය සමග සම්බන්ධකොට නාය යෑමේ අවකාශීය වෙනස් වීමට බලපාන සාධක කෙරෙහි වැඩි වශයෙන් ගැබ් වේ.. භූ විඪ්ඥයෙකුගේ කාර්ය භාර්ය වන්නේ නාය යෑමේ කියාවලිය භූමියේ ස්වභාවය වෙනස් කරන ස්වභාවික ක්රියාවලින් ලෙසට පමණක් සලකා සම්බන්ධයෙන් වන අධ්යයනයකි. මෙය බොහෝවිට ස්ථානීය වශයෙන් සිදුකිරීම දක්නට ලැඹේ

නාය යෑම් පිළිබ`දව සිදුකරන අධ්යයන වලින් වඩාත් සාර්ථක ප්රතිඵල ලබාගැනීම සම්බන්ධයෙන් පහත කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම අවශහ්ව ඇත.එනම් නාය යෑම ඇතිවන බෑවුම්වල ස්ථායිතාව පිළිබ` ප්රමාණාත්මක අධ්යයනයක් කළ යුතුයි. මෙහි§ පහත සාධක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුයි.      

 

`දු බෑවුමක නිර්මාණ ක්රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේ පෙනීයන්නේ එහි මතුපිට ප්රතිරෝධක මව් පාෂාණ වලින් සකස් වී තිබීමයි. කාලය ගතවීමත් සමග ක්රමයෙන් භෞතික, රසායනික හා ඓන්ද්රීය යන ජීර්ණ ක්රියාවලියට මව් පාෂාණය නතු වෙයි. මෙහි ප්රතිඵලය වන්නේ මව් පාෂාණය ක්රමයෙන් ජීර්ණයට ලක්වීමයි. මෙසේ දිරාපත් වූ ශේෂ කොටස් කදු බෑවුම මත ස්තර ආකාරයෙන් තැන්පත්වීම සිදුවන අතර ක්රමයෙන් බෑවුම අස්ථායි තත්ත්වයට ලක්වේ. මෙම ජීර්ණාවශේෂයන්ට යටින් පිහිටා ඇත්තේ ජීර්ණයට ලක්නොවූ මව් පාෂාණයයි. තද වැසි ඇතිවන අවස්ථාවල මෙම ජීර්ණාවශේෂ ස්තරයට උරා ගන්නා ජල ප්රමාණය අධික වීම නිසා අවසානයේ ජීර්ණාවශේෂ තට්ටුව ජලයෙන් සංතෘප්ත වී එහි බර වැඩිවෙයි. එමෙන් භූගත ජල ප්රමාණය මව් පාෂාණය සහ ජීර්ණාවශේෂ ස්තරය අතර තිබෙන ඉඩ තුළින් ගලා යාමට පටන් ගැනීම නිසා ස්ථර දෙක අතර පවතින ඒකාබද්ධතාව බිද වැටේ. අවසානයේ ගුරුත්ව බලය හේතුවෙන් `දු බෑවුමේ තැන්පත් වූ ජීර්ණාවශේෂ තට්ටුව පහළට රූරා යයි.

No comments:

Post a Comment