Monday, February 8, 2021

නාය යෑම සදහා බලපාන ක්‍රියාවලි

 

නාය යෑම සදහා බලපාන ක්‍රියාවලි

නාය යෑම් ඉතාම බහුල වශයෙන් සිදුවන්නේ කදුකර ප්‍රදේශ ආශ්‍රිතව වේ. එහි නාය යෑමට ලක්වන්නේ තිරසේ සිට 15-40 අතර වූ ප්‍රදේශ වෙයි. මෙය 20-30 අතර ආනතියකින් වූ විට බහුලව නාය යෑම් වලට ලක්වන බව හදුනාගත හැකිවේ. විශේෂයෙන් මිනිසා තමන්ගේ අවශ්‍යතා සදහා යොදාගන්නා ප්‍රදේශ නාය යෑම් වලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. සමස්තයක් වශයෙන් නාය යෑම් ඇතිකරන සාධක සම්බන්ධයෙන්  අවධානය යොමුකිරීමේ  ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් සමන්විත වෙයි (Centre for Housing Planning and Building" 2003)

1.භූගත ස්වභාවය

2. භූරූප විද්‍යාත්මක ක්‍රියාවලිය

3. භෞතික ක්‍රියාවලිය

4. මිනිසා විසින් නිර්මිත ක්‍රියාවලිය

භූගත ස්වභාවය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේ   සමග බද්ධ වී පවතින සාධක කීපයකි. ස්විකාර්ය දුර්වල ද්රව්යෙ, සූක්ෂ්ම ද්රව්යෙ, ජීර්ණිත ද්රව්යෙ, ව්යෙආකෘතික ද්රව්යෙ, කුස්තුර හෝ ජිද් සහිත ද්රව්යෙ භූගත ස්වභාවය සදහා වඩාත් වැදගත්. නාය යෑම් සදහා වන භූ රූප විද්‍යාත්මක ක්‍රියාවලිය තුළ භූකාරක උතික්ෂිප්තය ආංශික පර්යන්ත ඛාදනය හා අන්තර් භෞම ඛාදනය පෙන්වාදි හැකිය. කෙටි කාලීන වර්ෂාපතනයේ පවතින තීව්රතාව, භූමි කම්පා තත්ත්වයන් හා අඛණ්ඩ වර්ෂාපතනය භෞතික ක්රියාවලියට අයත් වේ. මිනිසා විසින් නිර්මිත ක්රියාවලි වශයෙන් බෑවුම් කැණීම, අවිධිමත් භූමි පරිහරණය හා වන වැස්ම ඉවත් කිරීම නිදසුන් වන්නේය.

නායයෑම් වර්ගීකරණය

බෑවුමක ස්ථායිතාවයට බාධා සිදුවන විට වර්ග රාශියක ලිස්සුම් චලන ඇතිවීමට හැකිය. මෙබදු සෙමින් සිදුවන චලන දෙකක් පාංශු රූරාව (Soil creep) හා පාංශු ස්යන්දනය (Solifluction) ලෙස පෙන්වා දිය හැකිය. නමුත් නාය යෑම යන්නේ බෑවුමක් දිගේ ගුරුත්වය යටතේ ක්ෂණිකව සිදුවන පාංශු හා තරමින් විවිධ මැටි, වැලි, බොරළු හා විශාල ගල්පර ගැල්මක් ලෙස හදුන්වාදිය හැකිය. නාය යෑමක  ප්‍රධාන වශයෙන් හදුනාගත හැකි ලක්ෂණ කීපයක් ඇත.

1. හිස මොහොර හෝ අවපාත බෑවුමක් මගින් දැක්වෙන පස් හා පාෂාණ පහළට චලනය වූ විනාශකාරී හෝ බිද වැටෙන කලාපයකි. මෙය බොහෝවිට නාය යෑමක ඉහළ ප්රදේශයේ දැකගත හැකිය. හිස කොටස එතරම් වයස්ගත නැතිනම් බෑවුම් කෝණය ගණනය කළ හැකිය. හිස ප්රදේශය විවෘත පැළුම් පද්ධති වලින් යුක්තවන අතර ඒවා නාය ගලායන දිශාවට ආසන්න ලෙස සමාන්තර හෝ ලම්බක වේ.

 

2. දේහය

මෙය ද්රව්යෙඅ පරිවහනය සිදුවන ප්රදේශය වේ. මෙහි ආතතිමය ස්වරූපයේ පැළුම් දක්නට ලැබේ. පහළ ප්රදේශ වල පැළුම් වැසීයාමේ හෝ විකෘති වීම් දක්නට ලැඹේ නායයෑමේ ඉවුර දෙපස පැලුම් ඇති වේ.

3. පාදය

විස්ථාපනය වූ ද්රව්යෙඅ එක් රැස්වන කලාපය පාද කොටස වේ. මෙම ප්රදේශය උත්තලවන අතර පෘෂ්ඨයට ආසන්නව අරීයව විහිදුණු පැළුම් දක්නට ලැබේ.

ශ්රී ලංකාවේ නාය යෑම් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම‍ෙම් ප්රධාන වර්ග `දුනාගත හැකිය.

1. වැටීම්

ඇදහැලීමක  සිදුවන්නේ ඉහළ බෑවුම් ප්රදේශයක පවතින ද්රව්යෙඅ එනම් පස් හෝ ගල්කුට්ටි පතුරු කැබලි හෝ කැටිති වශයෙන් එක එල්ලේම පහළට කඩා වැටීමයි. මෙහි ඇද හැලෙන්නේ ගල් කුට්ටිනම් එය පාෂාණ ඇද හැලීමක් ලෙස හැදින්විය හැකි අතර ඇද හැලෙන්නේ පස් නම් එය පස් ඇදහැලීමක් ලෙස හැදින්වේ. නාය යෑමක හිස ප්රදේශයේසිදුවන පාෂාණ හා පස්වල ගුරුත්ව බලය යටතේ නිදහස්ව වැටීම හෝ පෙරළීම මෙහිදී සිදුවෙයි. වැටීම් ලක්ෂණ බොහෝවිට භූමිය මතුපිට සම්බන්ධ නොවේ. මෙම වර්ගයේ නායයෑම සිදුවන්නේ බෑවුම 76Ÿ වඩා වැඩි වූ අවස්ථා වලයි. මෙය වඩාත් වේගයෙන් සිදු වෙයි.

 

 2. පෙරළීම්

උඩුකුරු වී වන චලනයකි. එය වැටීමක් හෝ රුට්ටා යෑමක් විය හැකිය. මෙම නාය යෑම් මන්දගාමීව මෙන්ම වඩා වේගයෙන්ද සිදුවිය හැකිය.

03. ලිස්සුම් / රූරා යාම

මෙහි වර්ග දෙකක් හදුනාගත හැකිය. එනම් භෞමණ හා පරිවර්තන ලිස්සා යෑම් ලෙසයි. පළමු වැන්න මොහොර බෑවුමක් කඩා වැටීමෙන් දෙවැන්න අවපාත බෑවුමක සිදුවන චලනයක් ද වෙයි.

 4. ගැලීම්

මඩ දෝරය මෘදු අංශු සහිතව ද්රව්යෙඅ සමග පාෂාණ කැබලි හෝ බෝල්ඩර වැනි විශාල ප්රමාණයේ පාෂාණ සුන්බුන් ගලායෑම වේ. නායයෑමක පාද ප්රදේශයේ මේ ආකාරයේ ගැලීම් බහුල වශයෙන් දැකගත හැකිය.


 
ලෝකය තුළ නායයෑමේ ක්‍රියාවලිය

නාය යෑම යනු ලෝකයේ බොහෝ කලාපවල ව්යෙආප්තව ඇති උපද්රවයකි. එම නිසා නාය යෑම් සම්බන්ධයෙන් අවකාශීය ස්වරූපයක් පවතින අයුරු හදුනාගත හැකිය. නාය යෑමේ ක්රියාවලිය හුදෙක්ම එක් ක්රියාවලියක් පමණක් නොවන අතර එය අංශ රාශියකගේම ක්රියාවලිවල ප්රතිඵයකි. මෙහිදී වර්ෂාපතන තීව්රතාව, භූමි කම්පා, වැනි සාධකද වැදගත් වන්නේය. නාය යෑම් නිරන්තරයෙන් නිවර්තන කලාපීය රටවල බහුලව සිදුවන්නකි. මෙයට ගොදුරුවන රටවල් වශයෙන් ශ්රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, වෙනිසුවෙලාව, ජපානය, ඉන්දුනීසියාව හා චීනය යන රටවල් පෙන්වාදි හැකිය. 1994 නාය යෑම් පිළිබද ජාතින සම්මන්ත්රණයට අනුව භූමි කම්පා හා ගිනිකදු, තැටි මායිම්වල සිදුවන අතර නාය යෑම් හා පාංශු ඛාදනය කදුකර හෝ උස්බිම්වල ඇති ` බෑවුම් හා දළ බෑවුම් ආශ්රිතව දැකගත හැකියි. ලෝකය සම්බන්ධයෙන් සලකා බලන විට විශාල වශයෙන් විනාශයක් සිදුකළ නාය යෑම් රැසක් පවතී. පහත ආකාරයට එම නාය යෑම් පෙන්වාදි හැකිය.

01. ඇමරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යාත්මක සමීක්ෂණ දත්ත අනුව 1999 දෙසැම්බර් මස වෙනිසුවෙලාවේ සිදු වූ නාය යෑම් වලින් මරණ 30000 ක් තරම් විය. මෙය ලෝකයේ නාය යෑම් වලින් වැඩි අවධානයට ලක්විය.

 

02. ඇමරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යාත්මක සමීක්ෂණ දත්ත අනුව 21 වන ශතවර්ෂයේ විශාල නාය යෑම් දෙකක් වාර්තා විය. එනම්, 1980 දී වොෂින්ටනයේ සිදු වූ නාය යෑම සහ 1911 දී ටජිකිස්ථාන්හි සිදු වූ නාය යෑමයි. වොෂින්ටනයේ සිදු වූ නාය යෑම මගින් දළ වශයෙන් ප්රමාණයෙන් සැතපුම් 1.7 ක් තරම් විශාල පාෂාණ හා මඩ තට්ටුවක් පහතට කඩා වැටීම සිදු විය.

නාය යෑමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලෝකය පුරාම පර්යේෂකයන්ගේ අවධානය යොමුවී පැවතීම දැකගත හැකිය. මෙහි විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යාත්මක සමීක්ෂණ ආයතනය, එක්සත් ජාතින්ගේ සංවිධානය හා අනුබද්ධ ආයතන මගින් ලොව පුරා ආපදාවක් වශයෙන් වර්ධනය වන නාය යෑම් පිළිබද අධ්යයන රශියක් සිදුකර තිබීම නාය යෑම් පිළිබද අධ්යයන සම්බන්ධයෙන් වඩාත් වැදගත් විය.

No comments:

Post a Comment