ආපදා තත්ත්වයක් යනු
ජනගහනයේ වර්ධනයත් සමග එකී උපද්රව සහ පීඩාවන් ද වර්ධනය වන්නට විය. ආපදාවන් ගේ වර්ධනය හා එහි පසුබිම විමසා බැලීමට පළමුව ආපදාවක් යනු කුමක් ද යන්න විමසා බැලීම වැදගත් වේ. ආපදාවක් යනු කුමක් ද පිළිබ`දව විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර ඉන් කිහිපයක් පහත පරිදි
International
federation of Red cross-IFRC (2005) උපුටා දක්වමින් ජයසිංහ (2014) පෙන්වා දෙන්නේ
—යම්කිසි ප්රජාවක හෝ සමාජයක ශක්තීන් හා සම්පත්වල උපයොගීතාවෙන් ඔබ්බට ගිය ප්රජව සහ සමාජය මත ව්‍යවසනකාරී ලෙස බලපෑම් ඇති කරන පුද්ගලමය, ද්‍රව්‍යමය හා පාරිසරික අලාභ හානි ඇතිකරන සුළු හදිසි තත්ත්වයක්.
“An event
natural or manmade, sudden or progressive, which impacts with
such severity that the affected community has to respond by
taking an exceptional measure.
—ආපදාවක් යනු ස්වභාවිකව හෝ මිනිස් ක්‍රියා හේතුවෙන් මතුවන ක්ෂණික අභාග්‍යසම්පන්න අවස්ථාවක් නිසා මිනිස් ප්‍රජාව දැරිය නොහැකි මට්ටමේ අවතැන්
වීම (Asian development disaster manager’s hand book, p19).
2005 ව්‍යවසන කළමනාකරණ පනත ආපදාවක් හෙවත් ව්‍යවසනයක් පහත ආකාරයෙන් නිර්වචනය
කරයි.
—යම් තැනැත්තෙකුට හෝ තැන්ත්තන් කණ්ඩායමකගේ ආරක්ෂාවට හෝ සෞඛ්‍යයට අන්තරාදායක වන්නා වූ හෝ අන්තරායකාරී වන බවට තර්ජනයක් පවතින්නා වූ නැතහොත් යම් දේපළක් විනාශ කරන්නා වූ හෝ හානියට පමුණුවන්නා වූ විනාශ වන බවට හෝ හානි සිදුවන බවට හෝ තර්ජනයක් වන්නා වූ ද, ස්වභාවික හෝ මිනිසා විසින් සිදු කරනු ලබන්නා වූ ද සිද්ධියක්, සැබැවින් ම සිදුවීම හෝ සිදුවීමට ආසන්න වීම ව්‍යවසනයක් වේ.
මේ අනුව ආපදාවක් යනු කුමක්ද පිළිබදව විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත. නමුත් ඒ පිළිබද නිශ්චිත හා පොදු නිර්වචනයක් ඉදිරිපත් වී නොමැත. විවිධ විද්වතුන් විවිධ නිර්වචන ඉදිරිපත් කළ ඇති අතර කෙසේ නමුත් එම නිර්වචන තුළට පුළුල් සමාජ, ආර්ථික සන්දර්භයක් ඉදිරිපත් කිරීමට ඔවුන් උත්සාහ ගෙන ඇත.
1.2 ආපදා වර්ගගිකරණය
ආපදා තත්ත්වයක් ක්ෂණකියන් ඇති වන්නක් වුව ද ආපදා තත්ත්වයක් (Disasters) සහ හදිසි තත්ත්වයක් අතර පවතිනුයේ ඍජු වෙනසකි. ආපදා තත්ත්වයක් වශයෙන් හ`දුනාගනු ලබනුයේ ක්ෂණිකව හටගනු ලබන සහ ඉතාමත් ශ්‍රීඝෙයන් පැතිර ගොස් සමාජමය වශයෙන් දැඩි හානිකර තත්ත්වයක් උදාකරන්නා වූ සහ ඉන් පීඩාවට පත්වන්නන්ට යථා තත්ත්වයට පත් වීමට ඉන් පරිබාහිර සමාජයේ සහය අවශහ් වන්නා වූ තත්ත්වයකි. නමුත් හදිසි අවස්ථාවක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ නොසිතන අවස්ථාවක කණිකව සැලසුම් සහගතව හෝ නොමැතිව සිදුවන්නා වූ විනාශකාරී අවස්ථාවකි. ඒ අනුව ආපදා හෙවත් ව්යෙඅසන අවස්ථාවක් පුළුල් හා ඉතා සංකීර්න අර්ථයකින් යක්ත වූවකි.
ආපදා තත්ත්වයක් ප්රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ හ`දුනාගත yelsh'
1. ස්වභාවික wdmod (Natural Disaster)
2. මිනිසා විසින් නිර්මිත wdmod ^Man- made Disater)
ස්වභාවික විපත් ඇසුරින් නිර්මාණය වන දිගුකාලීන් පාරිසරික විපර්යාසයන් ගේ වෙනස්වීම මත මිනිසා ගේ බලපෑමෙන් තොරව ක්ෂණිකව හටගනුq ලබන ආපදා තත්ත්වයන් මේ යටතට අයත් fõ'
පරිසරයේ සිදුවන ඇතැම් සංසිද්ධීන් මිනිසාගේ පැවැත්මට නොයෙක් ආකාරයෙන් බලපායි. එනම් අව්ව, වැස්ස, සුළ`ග ආදී සංසිද්ධීන් මිනිස් ජස්විතයේ පැවැත්මට අත්යවශහ් සාධක වේ. එහෙත් එකී ස්වභාවික සංසිද්ධි ස්වභාවික ආපදා බවට පත් වන්නේ, ඒවා මානවයාගේ පැවැත්මට අහිතකර අන්දමින් පීඩාකාරී වන්නේ නම්එක් ස්වභාවික ආපදාවක් නිසා හටගන්නා තත්ත්වය වෙනත් ස්වභාවික ආපදා රැසක් මතු වීමට හේතු වීම ස්වභාවික ආපදා තත්ත්වයක දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. උදාහරණයක් වශයෙන් අධික වර්ෂාපතනය නිසා ගංවතුර, නායයාම්, සුළි සුළං ආදී තත්ත්වයන් නිර්මාණය වීමත් ගිනික`දු පිපිරීමෙන් ලැව්ගිනි, භූ චලන, අකුණු ගැසීම් ආදී තත්ත්වයන් ඇති වීම පෙන්වා දිය හැකිය.
1) ඇතැම් ස්වභාවික ආපදා ක්ෂණිකව සිදු වන අතර ඇතැම් ඒවා දීර්ඝ කාලයක් තිස්සේ ක්රමානුකූලව වර්ධනය වේ. උදාහරණ ලෙස නාය යාමක්, ක්ෂණික ඇති වන අතර නිය`ග ක්රමිකව ඇති
2) ස්වභාවික උපද්රව අතරින් ඇතැම් ඒවා සීමා සහිත ප්රදේශයකට පමණක් බලපාන අතර ඇතැම් ඒවා විශාල ප්රදේශයකට බලපායි. උදාහරණයක් ලෙස නාය යාමක් එක් ප්රදේශයකට පමණක් බලපාන අතර සුනාමි, ගංවතුර වැනි ස්වභාවික ආපදා විශාල ප්රදේශයකට
ඔහු තවදුරටත් විග්රහ කරන ආකාරයට ආපදා තත්ත්වයන් කරුණු පහක් මත එකිනෙකින් වෙනස්
1) වේගය සහ පැමිණීමේ කාලය
2) ඇතිවීමේ හේතු
3) සිදුවීමේ පරාසය හා අවදානම
4) බලපාන ප්රමාණය
5) විනාශ කිරීමේ ශක්තිය
6) අනාවැකි කීමේ හැකියාව
7) පාලනය වීමේ හා ගොදුරු වීමේ හැකියාව
ලෝකය විද්යාත්මක හා තාක්ෂණික වශයෙන් විශාල දියුණුවකට පත්ව ඇති නමුත් මිනිසාටත් පරිසරයටත් හානි ගෙන දෙන්නා වූ ස්වභාවික ව්යෙඅසන පාලනය කිරීමේ හැකියාවක් තවමත් තාක්ෂණය සතුව නොපවතී. ආපදා තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට වඩා සිදු වීමට නියමිත ආපදා තත්ත්වයන් කලමනාකරණය කර ගැනීම කෙරෙහි නූතන යේ අවදානය යෙමුව පවතියි. ඒ අනුව පූර්ව ආපදා අවදානම් කලමනාකරණ කි%යාවලියක අවශහ්තාවය කෙරෙහි අවදානය යොමු කිරීම සියලු රාජ්යයන් ගේ වගකීමක් වන්නේ
1.3 ආපදා කලමනාකරණය යනු කුමක් ද
ලෝකයේ ආපදාවන් පිළිබ`ද අවදානම වැඩි වීමත් සම`ග ලොව බොහෝ රාජ්යයන් රාජ්‍ය ප්රතිපත්ති සම්පාදනයේ දී ආපදා කලමනාකරණය කෙරෙහි වැඩි අවදානයක් යොමු කරයි. ඒ අනුව ආපදා කලමනාකරණයට අදාලව ආයතනික සැලසුම් කි%යාත්මක කර ඇති අතර ආපදා අවදානම අවම කිරීමේ මිනුම් ද`ඩු සකස් කිරීම ද දක්නට ලැඹේ ලෝකයේ ම ආපදා තත්ත්වයන් පිළිබ`ද සැලකිලිමත් වන එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන වාර්ෂික වාර්තාව උපුටා දක්වමින් ජයසිංහ, 2014 ආපදා කලමනාකරණයේ දී වැදගත් වන අංශ කිහිපයක් පෙන්වා දී ඇත.
v ආපදා අවදානම් හා සංවර්ධන සැලසුම් පිළිබද ප්‍රතිපත්ති
v අවදානම් විශ්ලේෂණය කිරීම හා දැනුවත් කිරීම
v ආපදා කලමනාකරණ පිළිබද ආයතනික කටයුතු
v අවවාද සහ අනෙකුත් පෙර සූදානම් ක්‍රම
v මානව සම්පත
ඒ අනුව ආපදා කලමනාකරණය යන්නෙන් අදහස් වනුයේ කුමක් ද පිළිබදව හදුනා ගැනීම වැදගත් වේ. ඒ පිළිබදව ඉදිරිපත්ව ඇති නිර්වචන කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.
—සිදුවීමට ආසන්න ව්‍යවසනයක ඵලවිපාක වළක්වා ලීම, අවම ප්රමාණයකට අඩු කිරීම හෝ ඊට ප්රතිවිරුද්ධව කටයුතු කිරීම සදහා හෝ ව්‍යවසනයකට පසුව ඇතිවන ඵලවිපාක ජනතාව වෙත හෝ යම් පුද්ගලයෙකුට අයත් , රජයට අයත් යම් දේපළක් වෙත හෝ බලපෑම අඩු කිරීම සදහා හෝ අවශහ් වන හෝ යෝග්‍ය වන පියවර ගැනීම ව්‍යවසන කලමනාකරණය වේ.
Miletti (1999)
Disaster by Design; A Reseltment of Natural Hazards in the United States කෘතියේ පෙන්වා දෙන පරිදි
ආපදා අවස්ථාවල දී අවදානම අවම කර ගැනීමට ආපදාවට පූර්වයෙන් හා පසුව සිදුකරන සූදානම ආපදා කලමනාකරණය වේ.
යථෝක්ත නිර්වචන විමසා බැලීමේ දී ආපදා කලමනාකරණය ප්රධාන අධියරයන් තුනක් යටතේ හදුනාගත හැකිය.
01. පූර්ව ආපදා කලමනාකරණය
02. ආපදා තත්ත්වය ඇති වන අවස්ථාව
03. පශ්චාත් ආපදා කලමනාකරණය
No comments:
Post a Comment