ගෘහස්ථ ප්රචණ්ඩත්වය යනු කුමක්ද
වර්තමාන ලොකවේ සියයට සියයක් සාමකාමී සමාජ කොහෙත්ම දැකිය නොහැකිය. සෑම රටකම පාහේ ප්රචණ්ඩත්වය පිළිබදව සාකච්ඡා වේ. මේ පිළිබදව කුවර්තමානයේ ජනමාධයේ පවා ප්රබල පුවත් සපයයි. ගෘහස්ථ ප්රචණ්ඩත්වයට එරෙහිව විවිධ සංවිධාන කාන්තාවන් ප්රබල ලෙස ඉදිsරියට එන ආකාරය දැකිය හැකිය. ව්යෙඅවස්ථා කෙටුම්පත් නීතී රීති දිනෙන් දින අලුත් වෙමින් පවතී. කෙසේ වෙතත් ලෝකය ඕනම තැනක ප්රචණ්ඩත්වයක් ඇති විය හැකිය.
.
මෙහිදී ගෘහස්ත ප්රචණ්ඩත්වය යනු නිවස පදනම් කරගෙන සිදුවන ප්රචණ්ඩත්වකාරී සිදුවීම්ය. විශේෂයෙන් මෙය ස්ත්රීපුරාෂ සාමාජභාවය මත ඇති වන බව සදහන් කළ යුතුය. කෙසේ නමුත් ගෘහස්ත ප්රචණ්ඩත්වයට වැඩි වශයෙන් ලක් වන්නේ කාන්තාවන් හා ළමයින්ය. ඇතැම් අවස්ථාවල පුරුෂයන් ද ගෘහස්ත ප්රචණ්ඩත්වයට ලක් විය හැකිය.
- · මිනිසා ස්ථස්ර වාසස්ථාන තනා ගැනීමේ ආරම්භය
- · ඒක භාර්යා විවාහ ක්රමයේ ආරම්භය
- · ගෘහස්ථ පවුල් ක්රමයේ ආරම්භය
- · පුද්ගලික දේපළ ක්රමයේ ආරම්භය
- · පීතෘ මූලිකත්වය සහ පුරුෂාධිපත්යයෙඅ ආරම්භය
- · ස්ත්රියගේ ඵෙතිහාසික පසුබැස්මේ ආරම්භය
යන ප්රපංචයන්හි ආරම්භයත් සමඟ ගෘහස්ථ ප්රචණ්ඩත්වය ආරම්භ විය. මානව ඉතිහාසය මුළුල්ලෙහි ම පැවති අතර සමාජ ගැටලුවක් ලෙස හඳුනා ගනිමින් සංකල්පීකරණයට භාජනය වන්නේ 18 වන සියවසේ සිටය. ඒ සඳහා ප්රබල දායකත්වයක් සපයන්නේ ස්ත්රිවාදීන් වේ.
සමාජස්ය විද්යා විශ්වකෝෂයට අනුව ගෘහස්ත ප්රචණ්ඩත්වය යනු
ගෘහස්ථ ප්රචණ්ඩත්වය යනුවෙන් හඳුනා ගනු ලැබ ඇත්තේ පවුල තුළ සිදුවන ශාරීරික ප්‍රචණ්ඩත්වයයි
එය තල්ලු කිරස්මේ සිට මරා දැමීම දක්වා වූ පරාසයක් තුළ සිsදු විය හැකිය
එය කායික හිංසනයක් සේම කළහකාරස් බව, බලහත්කාරය, තර්ජනයෙන් බිය ගැන්වීම හා ලිංගික ප්රචණ්ඩත්වයන් ද ගෘහස්ථ ප්රචණ්ඩත්වය තුළ පවතී.
ගෘහස්ථ ප්රචණ්ඩත්වය සාමාන්යයෙන් ක්රියාත්මක කරනු ලබන්නේ ස්ත්රියට එරෙහිව පුරුෂයා විසින්ය
ගෘහස්ථ ප්රචණ්ඩත්වය ජාති, ආගම්, සමාජ පන්ති හෝ කුලය මත පදනම් වී නැත. වැඩිමනක් ළමුන් හා කාන්තාවන් පීඩාවට පත් කරන මෙය ස්ත්රී පුරුෂ සමාජ භාවය මතගොඩනැගුණු හිංසාසහගත ක්රියාකලාපයකි.
Gender, family & scoiety-Faith Robertson ගේ නිර්වචනයට අනුව ගෘහස්ථ ප්රචණ්ඩත්වය යනු පවුලක් තුළ සිදුවන
- · ශාරීරික ප්රචණ්ඩත්වය
- · බලහත්කාරස් ලිංගික හැසිරීම
- · වාචික අපහරණය
- · දරුවන් පීඩාවට ලක්කරමින් බලය යෙදිම
- · දරුවන් ලිංගිකව අපයෝජනය කිරිම
- · පවුලේ සාමාජකයෙකු පහත් කොට තකන ආකෘතියක් පැවතිම
පවුලේ සාමාජsකයෙකු පහත් කොට තකන වචන භාවිතා කිරීම හෝ කියාවන් කිරීම
ඉතා කිට්ටු නැතිනම් පවුල්මය සබන්දතාවයක් දක්වන වැඩිහිටියන් අතරේ ඇතිවන ප්රචණාඩකාරස් හැසිරම ගෘහස්ථ ප්රචණ්ඩත්වය යනුවෙන් හැඳින් වේ. මෙම සබන්ධතාවය යන්නෙන් බොහෝ විට අදහස් කරන්නේ කාන්තාවක් පුරුෂයෙක් සමඟ ඇතිවන ලිංගික සබන්ධතාවයයි.
මෙම සියලු අර්ථ දැක්වීම් වලට අනුව ගෘහස්ථ ප්රචණ්ඩත්වය යනු, ගෘහස්ථව එක්ව වාසය කරන පවුලේ කවර හෝ සාමාජsකයන් අතර, ගෘහස්ථ සීමාව තුළ හෝ ඉන් පිටතදී සිදුවන ප්රචණ්ඩකාරී හැසිරීම් ය. එහෙත් එම ප්රචණ්ඩත්වයන් ස්තී පුරුෂ සමාජ භාවය මත පදනම් වී ඇත. පවුල තුළ ප්රචණ්ඩත්වයට භාජනය වන්නේ කාන්තාවන් ය. එහෙත් ගෘහස්ථ ප්රචණ්ඩත්වය යන්නෙන් පවුලේ සියලු ම සාමාජsකයන් ආවරණය වෙයි. පවුලක් තුළ සිදුවන මෙම ප්රචණ්ඩකාරස් චර්යාවන් අනෙකාට ශාරීරික, මානසික, ලිංගික හෝ ද්වේශමය හානි සිකරනු ලබන කවර හෝ සීරීමක් විය හැකි ය. මෙය පවුල හා බැඳුණු හුදෙකලා සංසිද්ධියක් නොවන අතර එය පුරුෂ කේන්ද්රිය සමස්ථ සමාජ ක්රියාවලියේ ම ඵලයකි.
කායික ප්රචණ්ඩත්වය
ශාරස්රsක හිංසනයන් සිදු කරන බවට තර්ජනය කිරමේ සිට මරා දැමීම දක්වා වූ ශාරීරික හිංසනයන් මෙයට අයත් වේ.
මානසික ප්‍රචණ්ඩත්වය
තවකෙකු මානසික පීඩාවට හා හිංසාවට පාත්ර කරමින් සිදු කරනු ලබන ක්රියාවන් ය. මෙහිදී භාවාත්මක දූෂණයක් සිදු වේ. කාන්තාවන් මානසික ප්රචණ්ඩත්වයට ගොදුරු කරනු ලබන ප්රචණ්ඩකාරස් චර්යාවන් ලෙස හැදින්විය හැකිය. අවතක්සේරු කිරස්ම, නොසලකා හැරස්ම, පහත් කොට සැලකීම, අගය නොකිරස්ම, අපහාස කිරස්ම, අවබෝධ කර නොගැනීම, වරදවා තේරු ගැනීම, වැරදි ලෙස අරaථ දැක්ම, අවධානය හීන වීම, බලාපොරොත්තු වන භාවාත්මක ආධාර නොසැපයිම, බල රහිත කිරස්ම, අසත්යචෝදනා නැගීම, චරස්ත ඝාතනය, හුදෙකලා කිරsම, පීඩාකාරs ලෙස හැසිර වීම යන ඒවා මානසික ප්රචණ්ඩකාරී තත්ත්වයන්ය.
ලිංගික ප්‍රචණ්ඩත්වය
ගෘහස්ථ ප්රචණ්ඩත්වය තුළ හඳුනා ගත හැකි ලිංගික ප්රචණ්ඩත්වය තුළ දී ලිංගික දූෂනය ව්යෙඅභාචාරස් තහංචි කඩ කිරස්ම හා වෙනත් බලහත්කාර ලිංගික ක්රියාවන් අදහස් කෙරේ.
ස්ත්රි ශරීරය පුරුෂයාගේ පුද්ගලික දේපළක් ලෙස බාවිතා කිරස්මට අයිතියක් ඇති බවට පවතින විශ්වාසය. මේ සඳහා ප්රධාන ලෙසම අනුබල සපයයි. මෙයට, කාන්තාවන්ගේ විරෝධය හෝ අකමැත්ත පවතිද්දී ලිංගික සබන්ධතා සඳහා පුරුෂයා විසින් බල කරනු ලැබීම පුරුෂයාගේ අනුදැනුම මත හෝ බලහත්කාරය මත සිය බිරඳගේ ශරරය ලිංගිකත්වය සඳහා අලෙවි කිරම මෙයට අයත් වේ. ආධ්යාත්මික සබැඳියාවකින් තොර ලිංගික සබඳතා විසින් සෑම විටම ස්ත්රිය පීඩාවන් භුක්ති විඳිනු ලබයි. භාවමය හැඟීම් වලින් තොරව පුරුෂයාගේ කායික අවශහ්තා සපුරා ගැනීම උදෙසා පමණක් ස්ත්රිය භාවිතා කිරස්ම තුළ ඇය ලිංගිකව ප්රචණ්ඩත්වයට ගොඳුරු වේ.
No comments:
Post a Comment