Thursday, May 2, 2019

කෘෂිකාර්මික අංශයේ තාක්ෂණික කාර්යක්ෂමතාවය


කෘෂිකාර්මික අංශයේ තාක්ෂණික කාර්යක්ෂමතාවය
 
වර්තමාන ලෝකය සීඝ්රයෙන් දියුණුවන තරගකාරි වූවකි. රාජ්යයන් අභිබවා යමින් සංවර්ධිත රාජ්යයක් බවට පත්විම සෑම රටකම ප්රධාන අරමුණ බවට පත්ව ඇත. අනුව ලෝකයේ රටවල් විවිධ අංශ හරහා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන ආකාරයක් දක්නට ලැබේ. රටක් සංවර්ධනය කරා ගමන් කිරීමේ දී කෘෂිකාර්මික අංශය කාර් මික අංශය මෙන්ම සේවා අංශය යන අංශ තුනෙහිම වර්ධනය සහ දායකත්වය වඩා වැදගත් වේ. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක ප්රමුඛ අංශය බවට පත් වන්නේ කෘෂිකාර්මික අංශයයි. මෙලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ කෘෂිකාර්මික අංශය වඩා වැදගත් වීමට බලපානු ලබන සුවිශේෂි කරුණු කිහිපයක් හදුනා ගත හැකිය. එනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ කෘෂිකාර්මික අංශය දළ දේශීය නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් සැපයීම, රට තුළ සේවා නියුක්තියට ඉහළ දායකත්වයක් සැපයීම, කාර්මික අංශයට අවශහ් අමුද්රව්ය සැපයීම, කෘෂි නිෂ්පාදන අපනයනය හරහා රටට විදේශ විනිමය උපයා දීම සහ හරහා ඉතිර කිරීම් බිහි කිරිම, රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරිම සදහා දායකත්වය සැපයීම සහ රට ස්වයංපෝෂිත තත්වයට පත් කිරස්ම සදහා දායකත්වය ලබා දීම යනාදී කරුණු පෙන්වා දිය හැකිය.
සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකාර්මික අංශය තුළ වැඩි ශ්රමික පිරසක් සේවයේ නියුක්ත වී සිටින ආකාරයක් දැකගත හැකිය. ඊට හේතුව වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක් ශ්රම සූක්ෂම නිෂ්පාදන ශිල්ප ක්රමය අනුගමනය කිරීමයි. විශේෂයෙන්ම සංවර්ධිත රටවල ඉහළ ආයෝජනයන් හරහා සිදුවන ප්රාග්ධනය බිහිවීමේ කියාවලියත් සම` කෘෂිකාර්මික කටයුතු සදහා බහුල වශයෙන් යන්ත් සූත් යොදාගනු ලබන ආකාරයක් දැකගත හැකිය. එනම් සංවර්ධිත රටවල කෘෂිකාර්මික කටයුතු උදෙසා ප්රාග්ධන සූක්ෂම ශිල්පීය ක්රමයන් යොදාගනු ලබයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල අඩු ආයෝජන හේතුවෙන් ප්රාග්ධනය බිහිවීම පහළ මට්ටමක පවතින බැවින් කෘෂිකාර්මික කටයුතු සදහා ශ්රමය බහුල වශයෙන් යොදාගනු ලබයි. එනම් සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල වශයෙන් ප්රාග්ධනය භාවිතා කිරස්මට නොහැකි බැවින් ශ්රම සූක්ෂම ශිල්පීය ක්රමයන් භාවිතා කරනු ලබයි. එසේම බොහෝවිට සංවර්ධනය වෙමින් පවතින රටවල ශ්රමය සදහා වන මිල හෙවත් ශ්රමය සදහා කරනු ලබන ගෙවීම වන වැටුප පහළ මට්ටමක පවතින බැවින් නිෂ්පාදන කටයුතු සදහා ඉහළ මිලක් සහිත ප්රාග්ධනය වෙනුවට පහළ මිලක් සහිත ශ්රමය වැඩි වශයෙන් යොදවනු ලබයි. එනම්, සංවර්ධිත රටවල මෙන් නොව සංවර්ධනය වෙමින් පවතින රටවල ප්රාග්ධන සූක්ෂම ශිල්පීය ක්රමවේදයන්ට සාපේක්ෂව ශ්රම සූක්ෂම ශිල්පීය ක්රමවේදයන් භාවිතය ඉහළ මට්ටමක පවතී. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි ශ්රමික පිරසක් කෘෂිකාර්මික අංශය තුළ සේවා නියුක්ත වී සිටින ආකාරයක් හදුනාගත හැකිය. සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය තුළ පවත්නා සේවා නියුක්ති තත්වයද එසේමය. නමුත් මෙලෙස ඉහළ මට්ටමේ ශ්රම සහභාගිත්වයක් පැවතුණු පමණින්
 
කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන මට්ටම වැඩි කළ නොහැකි වේ. ඉන් පැහැදිලි වන්නේ කෘෂි අංශය තුළ ඉහළ සේවා නියුක්තියක් පැවතිම මගින් පමණක් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉතා සීඝ් ලෙස ඉහළ දැමීම අපහසු කරුණක් බවයි. අනුව රටක කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරස්ම සංකීර්ණ කියාවලියක් බවට වර්තමානයේ පත්ව තිබේ.
රටක කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශයන් නගා සිටුවීම සහ සංවර්ධනය කිරීම සදහා එම රටවල රජයන් විසින් සුවිශේෂි කාර්යභාර්යයක් ඉටු කරනු ලබයි. යටතේ සෑම රජයක් විසින්ම මෙම අංශයන්ගේ ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සදහා විවිධ කියාමාර්ග අනුගමනය කරනු ලබයි. ශ්රී ලංකාව තුළ මෙලෙස කෘෂිකාර් කාර්මික සහ සේවා යන අංශ තුනෙහි සංවර්ධනය උදෙසා රාජ් මැදිහත්වීම විවිධාකාරයෙන් සිදු කරනු ලබන ආකාරයක් හදුනාගත හැකි වේ. යටතේ රජය විසින් කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය උදෙසා කියාමාර්ග රාශියක් අනුගමනය කරන ආකාරයක් දකක්නට ලැබේ. එහිදී ගෙවතු වගාවන් සංවර්ධනය කිරස්ම සඳහා සහ වගා කටයුතු දියුණු කිරස්ම සදහා ගනු ලබන ප්රතිපත්ති වඩාත් වැදගත් වේ. යටතේ වර්තමානය වන විට රජය විසින් දිවි නැගුම, —අපි වවමු-රට නගමු වැනි වැඩසටහන් කියාත්මක කරනු ලබයි. එමෙන්ම රජයන් විසින් වගාවන් විවිධාංගීකරණය කිරීම යටතේ අතුරු බෝග වගාවන් සහ බහු භෝග වගාවන් පිළිබදව ජනතාව දැනුවත් කරන ආකාරයද හදුනාගත හැකිවේ. එමෙන්ම ගොවීන්ගේ කෘෂිකාර්මික අංශය පිළිබදව පවත්නා අවිනිශ්චිතතාවය තුරන් කිරීම සදහා විසදුමක් වශයෙන් රජය විසින් ගොවි විශ්රාම වැටුප් ක්රමයක් `දුන්වා දෙන ලදී. එමෙන්ම රජය විසින් කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය උදෙසා යෙදවුම් සහනාධාර සැපයීමේ විවිධ ප්රතිපත්ත’න්ද කියාවට නංවනු ලබයි. යටතේ ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීම, උසස් තත්වයේ බීජ ලබාදීම, නව බීජ ප්රභේද හදුන්වා දීම යනාදී වැඩසටහන් රැසක් වර්තමානය වන විට කියාත්මක කරනු ලබන අතර කෘෂිකාර්මික අංශයේ වර්ධනය උදෙසා නව පර්යේෂණ ආයතන පිහිටුවීමේ සහ ඒවා අලුත්වැඩියා කිරීමේ කියාමාරග රජය විසින් ක්රියාත්මක කරනු ලබයි.
කෙසේ වෙතත් ඕනෑම අංශයක ඉහළ මට්ටමේ නිෂ්පාදනයක් සදහාත් එම අංශයේ වර්ධනය `දහාත් තාක්ෂණය යන්න ඉතා වැදගත් සාධකයක් බවට පත් වේ. අනුව කෘෂිකාර්මික අංශයේ ඉහළ මට්ටමේ නිෂ්පාදනයක් සහ වර්ධනයක් උදෙසා තාක්ෂණික වශයෙන් සිදු වන නව සොයා ගැනීම් මෙන්ම පවත්නා තාක්ෂණික ක්රමවල ඉහළ කාර්යක්ෂමතාවයද වඩාත් වැදගත් වේ. සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශීලංකාවේ තාක්ෂණික ප්රගතිය පිළිබ`දව සලකා බැලමේ  එය සංවර්ධිත රටවලට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවතින අතර බොහෝවිට සංවර්ධිත රටවල් මගින් භාවිතයට ගන්නා ලද සහ ඔවුන් විසින් අත්හරs ලද එනම් යල් පැනගිය තාක්ෂණික ක්රම සහ සාම්ප්රදායික නිෂ්පාදන ක්රම කෘෂිකර්මික නිෂ්පාදන කියාවලන් සදහා භාවිතා කරනු ලබයි.
 
දියුණු වෙමින් පවතින කෘෂිකාර්මික රටක් වන ශී ලංකාවේ කෘෂිකාර්මික අංශයට සුවිශේෂි ස්ථානයක් හිමි වන අතර කෘෂිකාර්මික අංශය තුළ වැඩි ප්රතිශතයක් වී, බඩෛරිගු, කව්පි සහ මුං යන ධාන් වගාවන් ආශ්රිත නිෂ්පාදනයන් බව `දුනාගත හැකිය. නමුත් සත් වශයෙන්ම කෘෂිකාර්මික අංශය යන්න මෙම වගාවන්ගෙන් පමණක් සමන්විත වූවක් නොවන අතර එය තේ, පොල්, රබර් සුළු අපනයන භෝග යනාදී වගාවන් රාශියකින් සමන්විත වූ අංශයකි. නමුත් ශ්රී ලංකාවේ කෘෂිකාර්මික අංශය පිළිබදව සළකා බැලීමේ කෘෂි අංශය තුළ වැඩි දායකත්වයක් දරනු ලබන්නේ වී, බඩඉරිගු, කව්පි සහ මුං යන ධාන් වගාවන් ආශ්රිත නිෂ්පාදනයන් . අනුව කෘෂිකාර්මික අංශය ශ්රී ලංකා ආර්ථකය තුළ වඩා වැදගත් අංශයක් බවට පත් වුවද එම අංශය පිළිබදව අවධානය යොමු කිරස්මේදී පැහැදිළි වන සුවිශේෂි කරුණක් වන්නේ කාර්මික සහ සේවා යන අංශයන්ට සාපේක්ෂව කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය වඩාත් මන්දගාමි ස්වරූපයක් ගන්නා බවයි. එනම්, කෘෂිකාර්මික කටයුතු උදෙසා තාක්ෂණය භාවිතා කිරස්මේ , නව තාක්ෂණය යොදා ගැනීමේ දී , නව තාක්ෂණික ශිල්ප ක්රම භාවිතා කිරීමේ , එම තාක්ෂණික ක්රම වගා කටයුතු සමග සම්බන්ධීකරණය කිරීමේදී දුර්වල අවබෝධයක් සහ පහළ මට්ටමේ කාර්යක්ෂමතාවයක් පවතින බව `දුනාගත හැකිය. මීට හේතුව ලෙස සැළකිය හැක්කේ මෙම අංශය තුළ සේවා නියුක්තව සිටිs බහුතරයක් දෙනා අඩු මට්ටමේ අධ්යාපනයක් ලැබූ සහ කොහෙත්ම අධ්යාපනයක් නොලැබූ පිරsසක් වීමයි. එබැවින් ඔවුන්ට නව නිෂ්පාදන ශිල්ප ක්රම `දුන්වා දුන්න ඒවා පහසුවෙන් ග්රහණය කර ගැනීමේ හැකියාවක් නොපවත’ මෙම තත්වය ඍජු ලෙසම ඔවුන්ගේ නිෂ්පාදනයන්ගේ ඵලදායිතාවය පහළ බැසීම කෙරෙහි බලපානු ලබයි.
ශ්රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු පිළිබ`දව සලකා බැලීමේ දී මෙරට කෘෂිකාර්මික අංශය කෙරෙහි ග්රාමීය ජනතාව බහුලව යොමු වී සිටින ආකාරක් `දුනාගත හැකිය. ඔවුන් වගා කටයුතු සදහා කුබුරු ආශ්රිත බිම් මෙන්ම ගෙවතු බහුලව යොදාගන්නා ආකාරයක් දැකගත හැකි අතර සමහර වගාවන් යල සහ මහ යන කන්න දෙකෙහිම සිදු කරන අතර සමහර වගාවන් වසරේ එක් කාල පරව්ඡෙදයකට පමණක් සීමා වේ. එසේම ඕනෑම වගාවක් තුළින් ඉහළ ඵලදාවක් ලබා ගැනීම සදහා ජලය යන්න අත්යවශහ්ම සාධකයක් වේ. අනුව මොවුන් විසින් තම වගාකටයුතු සදහා අවශහ් ජලය විවිධ ක්රමවේද ඔස්සේ සපයාගනු ලබයි¡ අනුව මොවුන් මෙම වගාවන් `දහා අවශහ් ජලය ලබා ගැනීමේ දී ඍජුවම වර්ෂා ජලය මෙන්ම වැව් ජලය සහ භූගත ජලය යොදා ගනී. අනුව භූගත ජලය ලබා ගැනීමේ දී වගා ළිං ක්රමය බහුලව භාවිතා කරනු ලබයි. එහි දී වී වගාව සදහා අවශහ් ජලය ලබා ගැනීමේ දී ඍජුවම වර්ෂා ජලය මෙන්ම වැව් ජලය යොදා ගනු ලබයි. එමෙන්ම බඩ ඉරිගු, කව්පි, මුං සහ වෙනත් ධාන් වගාවන් `දහා අවශහ් ජලය ලබා ගැනීමේ දී ඍජුවම වර්ෂා ජලයත්, වාරs ජලයත්, වගා ළිං ආශ්රිත ජලයත් යොදාගනු ලබයි. අනුව මේ කුමනාකාර ක්රමයක් හෝ භාවිතා කරමින් ජලය ලබා ගැනීම හරහා ඔවුන් තම වගාවේ ඵලදාව ඉහළ නංවා ගැනීම උදෙසා කටයුතු කරනු ලබයි.
 
කෘෂිකාර්මික කටයුතු `දහා යොදාගනු ලබන භූමියේ ප්රමාණය මත පදනම්ව වගාවන් කුඩා පරsමාණ, මධ්යම පරsමාණ, සහ මහා පරsමාණ වගාවන් ලෙස වර්ග කරනු ලබයි. මේ කුමන ප්රමාණයේ වගාවක් වුවද මූලික අරමුණු දෙකක් මත පදනම්ව සිදුකරනු ලබයි. එනම් ස්ව පරsභෝජනය සහ අලෙවිය හෙවත් වෙළඳපොළ අභිමුඛ නිෂ්පාදනය යන අරමුණු ද්විත්වයයි. නමුත් මේ කුමන ප්‍රමාණයේ කුමන අරමුණක් සහිත වගාවක වුවද මූලික පරමාර්ථය වන්නේ ඉහළ මට්ටමේ ඵලදායිතාවක් ළගා කර ගැනීම වන අතර ඔවුන් `දහා විවිධ ක්රමෝපායන් භාවිතා කරනු ලබයි. එනම් ඵලදායිතාවය ඉහළ නංවා ගැනීම සදහා විවිධ තාක්ෂණික ක්රම භාවිතයට පෙළඹේ. අනුව තාක්ෂණය ඉතා කාර්යක්ෂම අයුරsන් භාවිතා කිරස්ම තුළින් තම නිෂ්පාදනය ඉහළ දැමීමට අපේක්ෂා කරයි. එනම් එක් යෙදවුම් ඒකකයක් තුළින් ලබා ගන්නා නිමවුම ඉහළ නංවා ගැනීමට කටයුතු කරන ආකාරය හදුනා ගත හැකිය.
කෘෂිකාර්මික නිෂ්පාදන `දහා පවතින සැපයුම පිළිබ`දව සලකා බැලීමේ දී එහි සැපයුම ස්ථාවර සැපයුමක් නොවන අතර එය කාලීනව වෙනස් වන සු` සැපයුමක්වේ. එනම් කෘෂිකාර්මික නිෂ්පාදනවල සැපයුම පෙර සිටම ත’රණය කළ නොහැකි අතර එම නිෂ්පාදනයන්ගේ ප්රමාණය කාලයෙන් කාලයට වෙනස් වේ¡ මෙලෙස කෘෂිකාර්මික නිෂ්පාදනවල සැපයුම සෑම කාලයකදීම ස්ථාවර මට්ටමකින් සැපය’මට නොහැකි වීමට බලපානු ලබන හේතු සාධක ලෙස ගංවතුර, නිය` වැනි කාලගුණික විපර්යාස මෙන්ම නායයෑම්, සෝදාපාළු, කෘමි උවදුරු සහ විවිධ ලෙඩ රෝග ආදි ස්වාභාවික තත්වයන් දැක්විය හැකිය. මෙම හේතූන් අස්වැන්න අඩු වීම කෙරහි බලපානු ලබන අතර සමහර කාලවලදී යහපත් කාලගුණික සහ යහපත් ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් අස්වැන්න වැඩි වීමටද ඉඩකඩ පවත. මේ ආකාරයට වෙළ`දපලට සපයනු ලබන ප්රමාණය නිශ්චිතව කිව නොහැකි බැවින් එහි සැපයුම වෙනස් වන සුළු එනම් සැළසුම් කළ නොහැකි සැපයුමක් වේ. එසේම මෙම ස්වාභාවික විපත් සහ ව්යෙඅසන වැනි තත්ත්වයන් හේතුවෙන් ගොවීන්ට වි` ගැනමට සිදු වන අවාසිදායක තත්ත්වයන් සමනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති කියාමාර්ගයක් වශයෙන් කෘෂි රක්ෂණ ක්රමය දැක්විය හැකිය. කෙසේ වුවද මෙම ස්වාභාවික තත්වයන් නිසා අස්වැන්නෙහි සිදුවන අඩු වැඩිවීම් හේතුවෙන් කෘෂි නිෂ්පාදන වල මිල උච්ඡාවචනය වීමක් සිදු වේ. අනුව කෘෂිකාර්මික නිෂ්පාදන සදහා නිශ්චිත සැපයුමක් මෙන්ම නිශ්චිත මිලක් නොපවතින බැවින් මෙම අවිනිශ්චිත මිල මට්ටම් වැනි තත්ත්වයන් පාලනය `දහා රජය විසින් උපරs මිල ප්රතිපත්ති සහ අවම මිල ප්රතිපත්ති හදුන්වා දෙනු ලබයි
කෘෂිකාර්මික කටයුතු වල නියැලී සිටින සෑම වගාකරුවකු තුළම එක් ප්රධාන අරමුණක් පවතී. එනම් ඉහළ ඵලදායිතාවයක් ලබා ගැනීමයි. සදහා ඔවුන් නව තාක්ෂණය, නව බීජ යනාදිය භාවිතා කිරස්මට පෙළඹේ. විශේෂයෙන්ම ඉහළ තාක්ෂණික ප්රගතියක් තුළින් ඉහළ ඵලදායිතාවයක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ. එසේම ඉතුරුම් ඉහළ යාම හරහා සිදුවන ආයෝජන ඉහළ යාම් හරහා නව තාක්ෂණය භාවිතයට අවස්ථාවක් ළගා කර දෙනු ලබන අතර එම තාක්ෂණය කාර්යක්ෂම අයුරන් යොදාගැනම තුළින් වගවන්හි ඵලදායිතාවය ඉහළ නංවා ගතහැකි වේ.

No comments:

Post a Comment