Saturday, May 4, 2019

කෘෂිකාර්මාන්තය හා තරුණයා


කෘෂිකාර්මාන්තය හා තරුණයා
කෘෂිකර්මාන්තය අන්තර්ජාතික වශයෙන් වැදගත් වන ක්රියාවලියකි. මෙය රටින් රටට ආකාර කිහිපයකින් හදුනා ගත හැකිය. රටක ආර්ථික ව්‍යුහය සකස් වීමට බලපවත් වන එක් අංශයක් ලෙස කෘෂිකර්මාන්තය හදුනාගත හැකිය. කෘෂිකර්මාන්තය යනු පෝෂණය හෝ ආර්ථිකලාභය සදහා භෝගවගා කිරීම සහ පශුසම්පතගාසිටුවීම හරහා භූමියේ කොටසක් වෙනස් කිරීමට ඕනෑකමින් සිදු කරන ලද උත්සාහයකි.
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමේදී කෘෂිකර්මාන්තයේ දියුණුව හා ප්රගතිය වඩා වැදගත් වේ. වර්තමානයේ කෘෂිකර්මාන්තය දෙස අවධානය යොමු කරනවිට කෘෂිකාර්මික ගැටලු රාශියක් හදුනාගත හැකිය. මෙහිදී කෘෂිකර්මාන්තයෙන් පුද්ගලයන් ඉවත්වීම වර්තමානයේ දැකිය හැකි  ප්රධාන ගැටලුවක් බවට පත්ව ඇත. මෙහිදී තරුණ පිරිස් කෘෂිකර්මාන්තයෙන් ඉවත්වීම වර්තමානයේ කෘෂිකර්මාන්තයේ දැකිය හැකි ප්රධාන ගැටලුවක් බවට පත්ව ඇත. මේ නිසා කෘෂිකර්මාන්තයේ තරුණයන් ඉවත්වීම පිළිබදව අවධානය යොමු කිරීම කාලීන වශයෙන් වැදගත් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අවුරුදු 15ත් 24ත් අතර පිරිස තරුණ ප්රජාව ලෙස හදුනාගෙන ඇත. තරුණ කටයුතු අමාත්යාංශයට අනුව වයස අවුරුදු 15-29ත් අතර වයස් පරතරය අතර වූ යෞවන යෞවනියන් තරුණ ප්රජාව ලෙස හදුනාගෙන ඇත. වර්තමානයේ තරුණ ප්රජාවගෙන් බොහෝ පිරිසක් තම රැකියාව සදහා කර්මාන්ත හා සේවා අංශයට සම්බන්ධ වෙති. නමුත් කෘෂිකර්මාන්තයට සම්බන්ධ තරුණ පිරිස ඉතා අඩු අගයක් ගන්නා බව සදහන් කළ යුතුය. ශ්රමබලකා සමීක්ෂණයට අනුව කෘෂිකර්මික අංශයට දායක වන තරුණයන් පිරිස පසුගිය වර්ෂවලට සාපේක්ෂව ක්රමයෙන් අඩු වී ඇත. මේ අනුව කාලීන වශයෙන් ගත්විට වර්තමාන තරුණ පරම්පරාව කෘෂිකර්මාන්තයෙන් ක්රමයෙන් ඉවත්වීම කෘෂිකාර්මික අංශයේ වර්තමානයේ හදුනා ගතහැකි ගැටලුවකි.
 
කෘෂිකර්මාන්තයෙන් තරුණයන් ඉවත්වීම ගෝලීය වශයෙන් දැකිය හැකිය. මේ පිළිබද සිදුකළ අධ්යයන මගින් පැහැදිලි වන්නේ කෘෂිකර්මාන්තයෙන් තරුණයන් ඉවත්වීම හා තරුණයන් කෘෂිකර්මාන්තයට සම්බන්ධ කරගැනීමට හේතු සාධක රැසක් බලපාන බවයි. කෘෂිකාර්මික භූමි සොයා ගැනීමේ ගැටලුව, කෘෂිකාර්මික නිෂ්පාදන සදහා හොද වෙළදපොළක් නොමැතිවීම, කෘෂිකාර්මික දැනුම හා අධ්යාපනය අඩුවීම යන කරුණු ගෝලීය වශයෙන් තරුණයන් කෘෂිකර්මාන්තයෙන් බැහැරවීමට මූලික හේතු සාධක වේ. ලෝකයේ දියුණු රටවල් කාර්මික අංශයේ මෙන්ම කෘෂි නිෂ්පාදන හරහා දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් සපයයි. එම රටවල් තරුණයන් කෘෂිකර්මාන්තයට වැඩි වශයෙන් සම්බන්ධ කර ගැනීමට රාජ් ප්රතිපත්ති සකසා ඇත. එමෙන්ම විද්යාව හා තාක්ෂණයේ දියුණුව නිසා කෘෂිකර්මාන්තය `දහා තරුණයන් දායක කරගැනීමට ඇති අවස්ථා වැඩි වී ඇත. කෙසේ වෙතත් වර්තමානයේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන වපසරිය අනුව තරුණ තරුණියන් කෘෂිකර්මාන්තයට දක්වන දායකත්වය වෙනස් වෙයි.
 
ශ්‍රී ලංකාවේ තරුණ ජනගහනය 2013 වර්ෂය වන විට මුලු ජනගහයනයෙන් 22%කි (ශ්රමබලකා සමීක්ෂණය,2014). තරුණ ජනගහනයෙන් වැඩි පිරිසක් ග්රාමීය අංශයේ ජස්වත් වන අතර ග්රාමීය අංශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ගොවි පවුල් ආශ්රය කොටගත් කෘෂිකාර්මික පවුල් . වර්තමානයේ කෘෂිකාර්මික පවුල්වල තරුණ ප්රජාව සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික හේතු සාධක මත කෘෂිකාර්මික අංශයෙන් බැහැරව කාර්මික හා සේවා අංශයට යොමු වන ආකාරය දැකිය හැකිය. මෙම අංශ තුනෙන් නියුක්ත නොවන තරුණ පිරිස රැකියා වියුක්ත වූවන් ලෙස සමාජයේ සිටිති. ශ්‍රී ලංකාව අතීතයේ සිටම කෘෂිකාර්මික රටකි. කෘෂිකාර්මික රැකියාවන්හි බොහෝ පිරිසක් නියලෙන නමුත් වර්තමානයේ තරුණ පිරිස කෘෂිකර්මාන්තයේ නිරතවීමට දක්වන දායකත්වය සීමා වී ඇත. මෙය වර්තමාන සමාජ ක්රමය දෙස බැලූවිට පෙනී යන කරුණකි. ලංකාවේ තරුණ ප්රජාවෙන් බොහොමයක් කෘෂිකාර්මාන්තයෙන් නිරත නොවීමට බලපාන හේතු සාධක රැසක් හදුනා ගැනීමට පුලුවනි. ඒවා සමාජ හා ආර්ථික වශයෙන් හදුනා ගත හැකිය.
 
තරුණයන් කෘෂිකර්මාන්තයෙන් ඈත්වීම කෙරෙහි විශෙඅෂයෙන් තරුණයන් ආන්තීකරණය වීම ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු නොවීම වැනි තත්ත්වයන් මත කෘෂිකාර්මික ජස්වන රටාවෙන් ඉවත් වී වෙනත් රැකියාවක් සෙවීමට වර්තමානයේ උනන්දු වී ඇත. අධ්යාපන ප්රතිපත්ති ප්රායෝගික කිරස්ම හා තරුණයන්ට කෘෂිකර්මාන්තය පිළිබ`දව දැනුම අවබෝධය වැඩි වශයෙන් ලබාදීම අවශහ් වී ඇත.තරුණයන්ගේ කෘෂිකාර්මික සහභාගිත්ව අනුපාතය අඩුවීම තුළ ආර්ථික වර්ධනය අඩුවිය හැකි නිසා තරුණයන් කෘෂිකර්මාන්තයෙන් ඉවත්වීමට බලපාන හේතු සාධක අධ්යයනය කර ඒවාට විසදුම් ඉදිරිපත් කිරීම අත්යවශහ් වේ.

කෘෂිකර්මාන්තය ගත්විට එය වර්තමානයේ ස්ථර කිහිපයක විහිදී ඇත. එනම් තේ, පොල්, රබර් හා වී වගාව, රළු බෝග, ආහාර බෝග, එළවලු පළතුරු මෙන්ම සත්ව පාලනය මෙයට අයත් වේ. කෘෂිකර්මාන්තයට සම්බන්ධ වන සුලු තරුණ පිරිස මෙහිදී වැඩි ලාභය ලබා ගැනීමට සම්බන්ධ වෙයි. නමුත් කෘෂිකර්මාන්තයේ දැකිය හැකි ගැටලු හමුවේ ඔවුන්ද කෘෂිකර්මාන්තයෙන් බැහැර වන ආකාරය හදුනා ගත හැකිය. මෙම අධ්යයනය තුළ වී ගොවිතැන හා හේන් ගොවිතැන් තුළින් තරුණයන් ඉවත්වීම පිළිබදව මුලික වශයෙන් අවධානය යොමුකර ඇත. ප්රාග්ධනය හි`ගකම, භූමිය ලබා ගැනීමේ අපහසුව, කෘෂි නිෂ්පාදන සදහා ඒකීය මිලක් නොමැතිවීම, වෙළදපොළ සම්බන්ධ ගැටලු මත ග්රාමීය ජනතාව ක්රමයෙන් කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙති. මේ තත්ත්වය මත තරුණයන් කෘෂි කටයුතු වලින් ඉවත්වීම දැකිය හැකිය. තරුණයන්ගේ වර්තමාන අපේක්ෂාවන් අතීතයට වඩා බෙහෙවින්ම වෙනස් වේ. වර්තමානයේ තරගකාරී ආර්ථික රටාව හමුවේ කෘෂිකාර්මික රැකියා සදහා ඉතා අඩු කැමැත්තක් දක්වයි. මේ නිසා හොද වැටුපක් සහ සමාජමය වශයෙන් පිළිගන්නා රැකියාවක් ලබා ගැනීමට තරුණයන් වැඩි වශයෙන් උත්සාහ කරති. වර්තමානයේ පවුලෙන් ලැබෙන සමාජානුයෝජනය හරහා තරුණයන් කෘෂි කටයුතු වලින් ඉවත්වීම දැකිය හැකිය.

No comments:

Post a Comment