ශ්‍රී ලංකාවේ අඳ ගොවින්ගේ පසුබිම
මෙරට ජනතාවගේ ප්රධාන ආහාරය බත් වූ නිසාම සමාජය තුළ කුබ වගා කරන ගොවියන්ගේ කාර්හ්ය අතිශයින්ම වැදගත්ය. කුබුරු වගාකල ගොවිහු වර්ග තුනකට අයත් වූහ.
- · ඉඩම් හිමි ගොවීන්
- · කුලී ගොවීන්
- · අඳ ගොවීන්

අඳ ගොවියාට වෙනත් ඉඩම් වල අයිතිය නොමැති වූ ඔහුට අද ක්රමයට වගාකත කුබුරෙන් ලැබුනේ අස්වැන්නෙන් 1/4ක් හෝ 1/3ක් තරම් සුළු කොටසකි. වැඩි පංගුව ලබාගත්තේ ඉඩම් අයිතිකරුය. ඒ නිසා අද ගොවියා ණය බරින් මිරිකුණි. අද ගොවියා තමන් කැමති විටෙක ඉඩමෙන් ඉවත් කිරීමේ හැකියාව ඉඩම් හිමියාට තිබුණි. එබැවින් ඹහුගේ ජස්වන වෘත්තිය අස්ථීර විය. සිය රුකියාවේ ස්ථීරත්වය උදෙසා ඉඩම් හිමියාගේ හිත දිනාගතයු වූ හෙයින් අද ගොවියාට කුබ්රු හිමියාගේ සියළුම බැලමෙහෙවර කරන්නටද සිදු වී තිබූණු අතර ඔහු වහලෙකුගේ තත්වයටද පත්වී තිබුණි.
අඳ යන වදන පාලියෙන් බිඳී ආවෙකැයි හඳුනාගනු ලබයි. අද්ධ යන පාලි වදනෙන් බිඳී ආවකි. වචනාර්ථය ගත්විට අර්ධය හෙවත් අඩක් යන්න හඳුනාගනියි. අඩ හෙවත් අර්ධය හෙවත් බාගය මෙහිදී අදාල වන්නේ, අස්වැන්න කැපීමෙන් පසුව ගොවියා විසින් කුබ්රු හිමියාට අස්වැන්නෙන් බාගයක් හෙවත් අඩක් ගෙවීම පදනම්වය. සාමාන්‍ය සිරිත වනුයේ වැපිරීම සඳහා අවශහ් බිත්තර වී කුබ්රු අයිතිකරු විසින් සැපයීමයි. කෙසේවුවද, මෙම ක්රමය, ප්රදේශයෙන් ප්රදේශයට වෙනස් වෙති. වී, පොහොර, සී සෑමට හා වැපිරීමට අවශහ් උපකරණ අදි සියල්ල, කුබ්රු අයිතිකරු විසින් සපයන අවස්ථා ද විවිධ ප්රදේශවලින් හඳුනාගත හැකිය. එහිදි ගොවියා ශ්රමය පමණක් යොදවන්නේ නම් අඳය මෙන් ඔහුට හරි අඩක් ලැබෙන්නේ නැත.
අතීතයේ අස්වැන්න ලබාගැනීමෙන් පසුව, කුබ්රු හිමියා වෙත දැකුම් ගෙනයාමේ ක්රමයක් ද පැවතිණි. දැකුම් ගෙනයාම යනු කැවුම්, කිරිබත්, හෝ වෑංජන සහිත බත් පෙට්ටියක් කැවිලි වර්ග, බුලත්, පුවක්, දුම් කොළ, කෙහෙල් කැනක් ආදිය සමග කුබ්රු හිමියා බැහැ දැකීමට යාමයි.
මෙය යම් කිසි අල්ලසක් දමක් ලෙසද හඳුනාගත හැකිය. මෙම අඳ ක්රමය වර්ගීකරණයක් හඳුනාගත හැකිය. උඩරට ප්රදේශවල කුබ්රු ඉඩම් හිගය නිසා කුබ්රු ඉඩම් අහිමි පුද්ගලයන් බලවත් අසීරුතාවයකට පත්වී තිබුණි. එම අස්ථීරතාවය නිසා කුබ්රු වගාකිරීම පිණිස ඒ කුබ්රු වැඩි දියුණු කිරීම පිණිස ගොවීන් වැඩි උත්සහයක් ගත්තේද නැත. උඩරට ප්රදේශයේ පැවති මඩරන් ක්රමය අනූව ඉඩම් හිමියා විසින් තම කුබ්රු ඉඩම් වසරින් වසර වෙන්දේසි කරනු ලැබිණි. එනම් වගා කන්නයට පෙර කුබ්රු ඉඩම් වෙන්දේසියේ දමා වැඩි කොටසක් ප්රවේණිය ලෙස දිමට ඉදාරිපත් වන්නාට කුබ්රු ලබාදිමයි. අඳ කුබුරක් ලබාගැනීම සඳහා සියළුම කැවිලිවලින් සමන්විත කැවිලි කදක් ඉඩම් හිමියා වෙත ගෙනගොස් ඉඩම් ඉල්ලා සිටීමක්ද මෙම ප්රදේශයේ පැවතුණි. මෙය දැකුම් නමින් හැදින්වේ මෙහි වැඩිම දැකුම් පෙට්ටිය ගෙනගිය පුද්ගලයාට කුබුරු ලබාදිමට කියාකර තිඹේත මේ අනූව මෙම කන්නයේ දැකුම් පෙට්ටිය ගෙන ගිය පුද්ගලයාට වඩා වැඩි ප්රමාණයක් ඊලග කන්නයේ වෙනත් අයෙකු විසින් රුගෙන යන ලද්දේනම් ඹහුට කුබ්ර වගා කිරීමේ අයිතිය ලැබිණි.
2.2 අඳ ගොවි වර් ග
ශ්රි ලංකාවේ වී ගොවි තැනේදි ක්රියාත්මකවන ප්රධාන අඳ ක්රම කිහිපයක් හඳුනාගත හැකිය.
· Ø හරි අඳ ක්‍රමය
මෙම ක්රමය යටතේ ගොවියාට ඉඩම් හිමියාගෙන් අතිරේක ආධාර නොලැබෙන අතර ඉඩම් හිමියාට අස්වැන්නෙන් හරි අඩක් ගෙවිය යුතුය.
· Ø තුන් අඳ ක්‍රමය
මෙම අඳ ක්රමය තුළ§ ඉඩම් හිමියාගෙන් අතිරේක ආධාර නොලැබෙන අතර ගොවියා ඉඩම් හිමියාට ගෙවිය යුත්තේ සිය අස්වැන්නෙන් තුනෙන් එකකි.
· Ø ගත් අඳය, බිම් අඳය, කරු අඳ ක්‍රමය
මෙම ක්රමය අනුව ඉඩම් හිමියාගෙන් ගොවියා අතිරේක ආධාර නොලබා ඉඩම් හිමියාට සිය අස්වැන්නෙන් 25% ගෙවිය යුතුය.
Ø හවුල් අදය
ඉඩම් හිමියා හා ගොවියා හවුලේ කුබුරැ වගා කරයි. අස්වැන්න කොටස් කිරීමට පෙර ඉඩම් හිමියා සපයන ලද බිත්තර වී සඳහා බුසලකට බුසල් දෙක බැ`ගින් වෙන් කොට අස්වැන්නේ ඉතිරිය 50% බැ`ගින් දෙදෙනා අතරේ බෙදාගනියි. මෙය ශ්රී ලංකාවේ දකුණු ප්රදේශය සම්බන්ධව භාවිත වන්නකි. ඉඩම් හිමියා සහ අඳ ගොවියා සම සමව වියදම් කර අස්වැන්නෙන් පංගු කිරීමේ§ 1/4 ක් ඉඩම් හිමියාට අතහැර ඉතිරිය සමසේ බෙදා ගැනීම සිදුවෙයි. මෙහි§ යම් අයෙක් බිත්තර වී සපයා තිබුනේනම් ඒ සඳහා 1 1/2 ඔහුට හිමි වේ.
ශ්රී ලංකාව තුළ ක්රියාත්මක වන මෙම අඳ ක්රම තුන යටතේම ඉඩම් හිමියාගෙන් ගොවියාට ගොවිතැන කරගෙන යාම සඳහා අතිරේක ආධාර කිසිවක් නොලැබෙන නිසා වී වගා කටයුතු සඳහා අවශහ් යෙදවුම් වන බිත්තර වී, පොහොර, ට්රැක්ටර් හෝ මී හරක් ආ§ දේ ගොවියා විසින්ම සපයා ගැනීමට යුතුව ඇත. එය අඳ ගොවියන්ට සමාජ, ආර්ථික, පාරිසරික වශයෙන් පීඩාවන් වන වගා ක්රමයක් ලෙස හඳුනාගත හැකිය. අඳ ගොවි තැනේ§ තට්ටු මාරුව සහ කට්ටි මාරු ක්රමයන්ද වැදගත් වෙයි.
මෙහිදි බ්‍රිතාන්‍ය අධිරාජ්යවාදීන් ලංකාව යටත් කරගෙන ඔවුන්ට අවශහ් අරමුණු වෙනුවෙන් රට තුළ විශාල වෙනස් කම් රැසක් කරන ලදි. එහිදි එක් අරමුණක් වූයේ ශ්රී ලාංකික වැසියන්ගේ යෑපුම් මාර්ග අවහිර කිරීමය. අනෙක වන්නේ විශාල ආර්ථික වටිනාකමක් ඇති තේ, කෝපි වැනි වැවිලි භෝග සඳහා ඉඩම් ලබා ගැනීමයි
එහි ප්රතිඵලයක් ලෙස 1843 මුඩු බිම් පනත යටතේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට අපොහොසත් විශේෂයෙන් රදලයන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම සිදුවිය. මෙම රදලයන් යටතේ අඳ ගොවීන් සේම රදලයන්ගේ බැලමෙහෙවර පවා කළ සාමාන්‍ය ගොවි ජනතාව අන්ත අසරණභාවයට පත්වීම වැළැක් විය නොහැකි විය. ඒ අනුව පවරා ගන්නා ලද ඉඩම් වැවිලිකරුවනට අක් කරය සිලිං 5 ක් වැනි සුළු මුදලකට ලබාදිම සිදුකොට ඇත. මෙහිදී අඳ ගොවීන්ට තම ජීවන මාර්ගය සලසා ගැනීමට ඉඩම් නොමැති විය. රදලයන්ට ඉතිරි වූ සුළු බිම් ප්රමාණයේ වගා කොට ඇතැම් අඳ ගොවීන්ට යැපීමට සිදුවිය. ඒ තුළ විශාල ලෙස අඳ ගොවීන් අසාධාරණයට ලක් විය.
ඒ අනුව අඳ ගොවි ක්රමය වියවුල් කාරී ඒවා විය. එහිදී ඉඩම් හිමියන් විසින් අඳ ගොවියාගේ ශ්රමය සූරාකෑමක් සිදු වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ඉඩම්වලින් සරු අසිවැන්නක් ලබා ගැනීමටද නොහැකි වස් ඇත. එම තත්ත්වය ම`ග හරවා ගැනීමට ව්යෙඅවස්ථාදායක පනත් කිහිපයක් පනවා තිබෙනු හඳූනාගත හැකිය. එහි§ 1887 අංක 27 දරණ ආඥා පනත මුලින්ම නැදගත් විය. අඳ ගොවියන් සම්බන්ධ වූ ව්යෙඅයස්ථාපිත තත්ත්වය ආරක්ෂා කිරීමට දරන ලද ප්රථම ප්රයත්නය මෙයයි. අඳගොවි අයිතිය ඇතිවවීම සඳහා නොතාරිස් විසින් සහතික කරන ලද ලියවිල්ල අවශහ් බවත්, එය වාචික වූව ඇතිවිය හැකි බවත් මෙහි සඳහන් වෙයි. මේ තුළින් යම්තාක් සු`ඵ සහනයක් අඳ ගොවියාට හිමිව ඇත.
නිදහසින් පසුව මුලින්ම අඳ ගොවි ගැටලු නිරාකරණය කිරීම පිණිස 1953 කුබුරු පනත ගෙන එන ලදි. මෙම පනත මගින්
·
§ ගොවි අඳය පස් වසරක කාලයක් සඳහා ආරක්ෂා කරදිමත්
·
§ අඳ ගොවි ඉඩම් හිමි බදු ගිවිසුම් නීතියානුකූ කර එම`ගින් අඳ ගොවියා ආරක්ෂා කිරිම
·
§ උපරිම බද්දක් නියම කිරීම තුළින් අඳ ගොවි අයිතිය යම් ප්රමාණයකින් ආරක්ෂා කිරිම
වැනි උත්සාහයන් ගනු ලැබූ අතර මෙය දිස්ත්රික්ක දෙකක පමණ මුලින් ක්රියාඪ්ත්මක කර ඇත. නමුත් මෙය සාර්ථක වී නොමැත.
මූලික අඳ ගොවි ප්රශ්න සඳහා විසඳුමක් වශයෙන් පැනවූ දෙවන ව්යෙඅවස්ථාදායක නීතය වූයේ 1958 අංක 01 දරණ කුබුරු පනත යි. 1958 මාර්
තු පළමු වැනි දින 1958 - 1 අංකය යටතේ සම්මත කරන ලඳී බණ්ඩාරනායක රජය යටතේ එය ගෙන එන ලද්දේ පිලිප් ගුණවර්ධන ඇමැතිවරයාය. වැඩවසම් ලක්ෂණ පෙන්නුම් කළ අඳ ගොවි ක්රමය විධිමත් කිරීමට තැබූ සාධනීය පියවරක් ලෙස හඳුනාගත හැකිය
කුබුරු පනත යටත් විජිතකරණයෙන් හා ගොවිතැන් කිරීමට ඉඩම් අහිමි වීමෙන් අසරණ භාවයට පත් වී සිටි අඳ ගොවීන්ට සෙතක් සැලසීම මෙයින් යම් පමණකට සිදුවිය. ලොව පැවැති ප්රවේණි දාස ක්රමයක ලක්ෂණ ගැබ් වූ අඳ ගොවි ක්රමය, කුබුරු පනතින් යම් වෙනසකට භාජන විය. කුබුරු පනත නීතිගත කිරීමට යන බව කලින් දැනගත් ඉඩම් හිමි රදලයන් අඳ ගොවීන්ට තම ඉඩම් වගා කිරීමට ඉඩ නොදී ඉතා ප්රෝඩාකාරී පියවරක් ගනු ලැබිය. ගොවිජන සේවා කොමසාරිස්වරයාට ඉඩම් හිමියන් විසින් නෙරපන ලද ගොවීන්ගේ පැමිණිලි 14500 ඉදිරිපත් වී ඇත. බහුතරයක් අඳ ගොවීන් මේ ආකාරයෙන් පැමිණිල්ලක්වත් රජයේ වගකිව යුතු නිලධාරියෙක් වන ගොවිජන කොමසාරිස් වරයාට ඉදිරිපත් කර නොමැත.
කුබුරු පනත මගින් ඉඩම් හිමියාගේ හා අඳ ගොවියාගේ බලතල නිර්ණය කරනු ලැබිණ. එහිදි ඉඩම් හිමියා හා අඳ ගොවියා අතර බැඳීම නීතියක් සේ ස්ථාපිත කරන ලඳී එහිදී ඉඩම් හිමියාට අභිමත පරිදි අඳ ගොවියා නෙරපා හැරීම අවහිර කරන ලඳී අඳ ගොවියාගේ බුක්තියට සවිවන සේ ඉහත නීතිය පැනවීම සිදුකොට ඇත. ඉඩම් හිමියාගේ බලපෑම්වලින් තොරව වගා කටයුතු කරගෙන යැමට අඳ ගොවියාට නීතියෙන් රැකවරණයක් සලැස්වීම මේ තුළින් සිදුකොට තිඹේ ඉඩම් හිමියා වෙන කෙනකුට ඉඩම් විකුණා දැමුවද අඳ ගොවියාගේ භුක්තියේ අයිතිවාසිකම්වලට බලපෑමක් ඇති නොවේ. අඳ ගොවියාට අභිමත පරිදි ඉඩම් සඳහා අනුප්රාප්තිකයකු නම් කළ හැකිය. ගොවිකාරක සභාවකට විකිණීම, මාරු කිරීම හා පවරා දීමට බලය හිමිකර දිමක් කුබුරු පනතින් සිදු විය.එහි ඉඩම් හිමියාට ලැබිය යුතු බදු කුලිය ගොවිජන සේවා කොමසාරිස් වරයා තීරණය කරන ලඳී ගොවිජන සේවා කොමසාරිස්වරයාගේ අභිමතය පරිදි බදු කුලිය නිර්ණය කිරීමේදී ඒකමිතියක් තිබී නැත. පස, භූමිය, දේශගුණය වැනි බොහෝ කරුණු සැලකිල්ලට ගෙන බදු කුලිය නියම කරනු ලැබීය. පළාතෙන් පළාතට වෙනස් නොවන නිර්නායක ද කුබුරු පනතේ අඩංගු වේ. එක් කන්නයකදී බුසල් 15 ක් හෝ මුළු අස් වැන්නෙන් 1/4 යන මිමි දෙකෙන් අඩුම ප්රමාණය බදු කුලිය වශයෙන් සැලකිය යුතුය.
තවද අඳ ගොවියාගේ නොසැලකිල්ල හෝ යම් වරදක් හේතුවෙන් වගාවට හානියක් නොවී ස්වාභාවික තත්ත්වයක් යටතේ යම් හානියක් සිදු වුවහොත් බදු කුලියක් අයකර ගැනීමට ඉඩම් හිමියාට නොහැකිය. අර්ධ වශයෙන් ස්වාභාවික ආපදාවකින් අස්වැන්න හානි වුවහොත් සාධාරණ ලෙස තිබෙන අස් වැන්නට සාපේක්ෂව බදු කුලිය තීරණය කිරිමක් මෙහිදි සිදු විය. අඳ ගොවියා හිතාමතාම වගා කිරීම මඟ හැරියොත් ඉඩම් හිමියාට බිම් කුලිය වශයෙන් බද්දක් ගෙවිය යුතු බවත් එහි පැහැ¢ළි කර ඇත. එම බදු කුලිය කොපමණ දැයි තීරණය කිරීමේ බලය ගොවිකාරක සභාවට පැවරේ. බදු කුලී නොගෙවා හිඟ ඇති වුවහොත් අඳ ගොවියාගේ අස්වැන්න අවශහ් පමණට විකුණා ඉඩම් හිමියාට ලබාදීමේ බලය ගොවිජන සේවා කොමසාරිස්වරයාට පැවරී ඇත. මේ ආකාරයට බදු නොගෙවා හිඟ ඇති වූ අවස්ථාවලදී ඉඩම් හිමියාට අඳ ගොවියා නෙරපා හැරීමට නොහැකි වන සේ නීති පනවා ඇත. හිඟ බදු මුදල් සඳහා පොලියක් ලබා ගත හැකිවන ලෙස එය සකස් කර ඇත.
කුබුරු පනත ක්රියාත්මක වූයේ ගොවි කාරක සභා නමින් ස්ථාපිත ආයතන හරහාය. ඉඩම් හිමියාගේ හා අඳ ගොවීන්ගේ බහුතර ඡන්ද හිමි වන පුද්ගලයන් ප්රමාණයක් ද ගොවි කාරක සභාවේ සභිකයන් ලෙස පත් වේ. රජයේ නිලධාරීන් මේ සභාවට සම්බන්ධ කිරරීමක් සිදුවෙයි. මේ ගොවි කාරකසභාවට පත්වන පුද්ගලයන් විවිධ කණ්ඩායම්වල සංයුතියකි. 3/4 ඉඩම් හිමි ගොවීන් අඳ ගොවීන් හා කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් යුක්ත වෙයි. 1/4 ඉඩම් හිමියන්ගෙන් යුක්ත වෙයි. ගොවිජන කොමසාරිස්වරයා විසින් පත්කරනු ලබන නිලධාරින්ට ගොවි කාරක සභාව තුළ ඡන්දය හිමි නොවේ. එහෙත් තම අදහස් ප්රකාශ කිරීමේ අයිතිය ඇත. ගොවි කාරක සභාවක නිල කාලය වසරක් වන අතර වගාවන් සම්බන්ධ බොහෝ කටයුතු පැවරුන ද ප්රධාන වගකීම වන්නේ කුබුරු පනත ක්රියාවට නැගීමට දායක වීමය.
අඳ ගොවියා රැක ගැනීමට කුබුරු පනත ගෙන ආවද එහි අඩංගු නීති අතරින් රිංගා අඳ ගොවීන් අසරණ කිරීමට ඉඩම් හිමියන් කටයුතු කරන ලඳී. අඳ ගොවියාගේ අයිතීන් සුරක්ෂිත කර ජීවන තත්ත්වය උසස් මට්ටමට ගෙන ඒමට කුබුරු පනත සම්මත කරන ලඳී එහිදී වී නිෂ්පාදනය හා ඵලදායකත්වය නැංවීම බලාපොරොත්තු වූ අරමුණු වේ. මූල්‍ය ආයතන වන බැංකු, කුලී සින්නක් කර සේවා සාධනීය මට්ටමින් අඳ ගොවීන්ට නොලැබීම අවාසනාවන්ත තත්ත්වයක් මෙහිදි උද්ගත විය.
ගොවිකාරක සභාවලට ඉඩම් හිමියන් විසින් තම අන්තේවාසිකයන් පත්කර ගනිමින් එහි බලය තමන් වෙත නතු කර ගැනීමට කටයුතු කරන ලඳී එසේ නොවුණ අවස්ථාවල සභා රැස්වීම් මඟහැර කඩාකප්පල්කාරී ලෙස ඉඩම් හිමියන්ගේ හෙන්චයියලා හැසිරෙන්නට වූහ. සියලු පාර්ශ්ව ගොවි කාරක සභා රැස් වීමට සහභාගි නොවීම තුළින් නීත්යනුකූලව තීරණ ගෙන ක්රියාත්මක කිරීමට එම සභාවලට නොහැකි විය. අඳ ගොවීන් මේ සඳහා නඩු පැවරීම් සිදු කළත් චෝදනා ඔප්පු වන අයුරින් කටයුතු කිරීමට කුබුරු පනතේ නීති සහායක් නොදැක් වීය. ඉතා දිගු කලක් නඩු ගෙන යැමට අඳ ගොවියාට ආර්ථික ශක්තියක් තිබුණේ නැත. ගැටලු ඇති වී නඩු හබ මතුවන අවස්ථාවේ තීන්දුවක් ලැබෙන තුරු අඳ ගොවියාට සාධාරණයක් වන සේ ඔහුව ආරක්ෂා වන අයුරින් නීති ප්රතිපාදන කුබුරු පනතේ අඩංගු නොවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් විය. ගැටලු පැන නැඟීමෙන් කුබුරු වගා කිරීමට නොහැකි වූ අඳ ගොවි පවුල් දැඩි ආර්ථික දුෂ්කරතාවකට පත් විය. එහිදි
1961, 1972, 1973, 1979, 1991, 2000, වර්ෂවලදි මෙහි සංශෝධනයන් ඉදිරිපත් කර තිබුණද අඳ ගොවියෙකු නෙරපූ අවස්ථාවක කළ යුතු වූ ආකාරය පිළිබඳව ඒවායෙහි දක්වා නොතිබිණි.
කුබුරු පනතේ ඇති ප්රතිගාමී නීති සංශෝධනය කළ ද අඳ ගොවීන්ගේ ගැටලු විසඳී සහනයක් සැලසුණේ නැත. මේ හේතුවෙන් 1973 දී කුබුරු පනත අහෝසි වී කෘෂිකාර්මික ඉඩම් පනත සම්මත විය. එය 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත නම් විය. කුබුරු ඉඩම් පනත ඉදිරිපත් කිරීමට තුඩු දුන් සමාජ ආර්ථික පසුතලයට දීර්
ග ඉතිහාසයක් ඇත. මෙහිදි මුලික වශයෙන්ම ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ කුබුරු ඉඩම් භුක්ති විඳීමේ ක්රමය පිළිබඳවත්, කෘෂි සංවර්ධනය ඇති කිරීම පිළිබඳවත්, කෘෂි ඵලදා වර්ධන පනත සමග ක්රියාත්මක කිරීමට නීති ඇති කිරීමයි. තවද කුබුරු භූමියක හා ඒවායේ නිෂ්පාදන පිළිබඳ අදාළ විධිවිධාන මේ පනතට ඇතුළත් කරන ලඳී එහිදි
අඳ ගොවීන්ගෙන් පසු ඔවුන්ගේ අඳ අයිතිය පැවරීමේ ක්රමය ඇති කිරීමත්, අඳ ගොවීන් ඉඩම් හිමියාට ගෙවිය යුතු ප්රවේණිය පිළිබඳ නිශ්චය කිරීමත්, ගොවි කාරක සභා පිහිටුවීමට විධි විධාන සැලැස්වීම තුළින් අඳ ගොවියාගේ තත්ත්වය ආරක්ෂා කිරිමට කටයුතු ගෙන ඇත.
මේ ආකාරයේ තවත් නෛතික රාමූන් රැසක් අඳ ගොවවීන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.
·
1979 අංක 58 දරණ ගොවිජන සේවා පනත
·
1991 අංක 4 දරණ ගොවිජන සේවා පනත
2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත. ආ§ පනත් තුළින් ක්රමිකව අඳ ගොවීන් ආරක්ෂා කිරීමට යොමු වීම්ක් හඳුනාගත හැකිය. නමුත් කොතෙක් පියවරයන් ගනු ලැබූවද වර්තමානය දක්වාම අඳ ගොවීන්ට සිදුවන අසාධාරණකම් අඩු වී නොමැත. ඒ අනුව අධ්යයනය තුළින් මහවැලි ගම්මානවල පවතින් පරම්පරා ගැටුමත් සම`ග අඳ ගොවීන් බිහිවීමේ ප්රවනතාවක් පවතින බවත්. අඳ ගොවීන් මුහුන දෙන විවිධ ගැටලුකාරී තත්ත්වයන් රැසක් හඳුනාගත හිකිය.
No comments:
Post a Comment