ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ සමාජ ප්රතිපත්ති
සමාජ සුබසාධන අංශය කෙරෙහි රජයන් දැක් වූ ඉහළ අවධානය මෙන්ම එම අංශයෙන් ශ්රී ලංකාව ලබාගත් ප්රගතිය ද අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ අගයක් පෙන්නුම් කරයි. ශ්රී ලංකාව දකුණු ආසියාතික කලාපයේ ඉහළම සමාජ දර්ශකයක් පෙන්නුම් කිරීම මෙයට නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකි ය. කෙසේ වුවද ශ්රී ලංකාවේ ආර්ථික කාර්ය සාධනය පිළිබ`දව සෑහීමකට පත් විය නොහැක්කේ දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී වූ ආර්ථsක වර්ධනයක් මෙන්ම අඩු ඒක පුද්ගල ආදායමක් ද පවත්වා ගනිමින් මධ්‍ය ආදායම් ලබන රටවල් කාණ්ඩයේ පහළ මායිමේ රැ`දී සිටීමට ශ්රී ලංකාවට තවදුරටත් සිදු වීමය. කෙසේ වුව ද අඩු ඒක පුද්ගල ආදායමක් හා ඉහළ සමාජ සංවර්ධනයක් සහිත කැපී පෙනෙන රාජ්හ්යක් ලෙස බොහෝ දෙනා ශ්රී ලංකාව හ`දුනා ගනී.
රැල්ෆ් පීරිස්ට අනුව නිදහසින් පසු ශ්රී ලංකාවේ ක්රියාත්මක කළ සමාජ ප්රතිපත්ති සැළසුම්වලදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ආර්ථsක සංවර්ධනයට වඩා සමාජ සංවර්ධනය පිළිබ`දවයි. එයට හේතුව වශයෙන් ලංකාවේ සමාජ ප්රතිපත්ති සැළසුම් කිරීමේ දී අධ්යාපනය සහ නැවත බෙදා දීමේ ප්රතිපත්තිය පිලිබ`ද වැඩි අවධානයක් යොමු වීම යන්න පෙන්වා දී ඇත. මේ නිසා ආර්ථික දියුණුව සමාජ සංවර්ධනයෙන් පසුව ලබා ගත හැකි බව ප්රතිපත්ති සම්පාදකයන්ගේ අදහස විය. කෙසේ වුව ද රැල්ෆ් පීරීස්ට අනුව එය සාර්ථක ක්රියාවක් නොවේ. ලංකාවේ සංවර්ධනයේ දී ආර්ථsක සංවර්ධනය කෙරේ මූලික අවධානයක් යොමු කිරීමට හැකියාව නොමැති වී ඇත්තේ නිදහසින් පසු ක්රියාත්මක වූ සමාජ ප්රතිපත්ති සැලසුම් වල දී ප්රධාන කණ්ඩායම් දෙකකට සුදුසු ආකාරයට දේශපාලන තීන්දු තීරණ ගැනීම නිසා ය. එම කණ්ඩායම් දෙක වන්නේ නාගරික දිළි`දු කණ්ඩායම් හා ග්රාමීය දිළි`දු කණ්ඩායම් ය. මීට අමතරව වර්තමානයේ වතුකරයේ දිළි`දු කණ්ඩායම් ද හ`දුනාගත හැකි ය. මෙම දිළි`දු කණ්ඩායම්වලට ගැළපෙන ආකාරයට සමාජ ප්රතිපත්ති සකස් කිරීමට සිදු වීම නිසා ඒ ආකාරයට සංවර්ධන ආකෘති ක්රියාත්මක කළ නොහැකි විය. මේ නිසා සමාජ සුබසාධනය කෙරේ මූලික අවධානය යොමු කරමින් ආර්ථික සංවර්ධනය පිළිබ`ද අවධානය යොමු කිරීමක් දැකිය හැකි ය.
ලංකාවේ මානව සංවර්ධනයට සමාන්තරව ආර්ථsක සංවර්ධනයට අවධානය යොමු කිරිමක් සුබසාධන ප්රතිපත්තිය තුළින් අරමුණු කළ ද එය ප්රායෝගික තත්ත්වය යටතේ ක්රියාත්මතක නොවුණි. ලංකාවේ මෙතෙක් පැවැති රජයන්ට අනුව ක්රියාත්මක වූ සමාජ ප්රතිපත්ති පිළිබද අවධානය යොමු කිරීමේ දී එය ප්රධාන දේශපාලන පක්ෂ දෙක යටතේ සාකච්ඡා කළහොත්, එක්සත් ජාතික පක්ෂය යටතේ ඉදිරිපත් කරන ලද සමාජ ප්රතිපත්තිය දක්ෂිණාංශික නැබුරුවක් ගන්නා අතර ශ්රි ලංකා නිදහස් පක්ෂ රජයෙන් ඉදිරිපත් කරන ලද සමාජ ප්රතිපත්ති සහ සැළසුම්වල දැකිය හැක්කේ මධ්‍ය වාමාංශික නැබුරුවකි. එහි දී මධ්‍ය දක්ෂිණාංශික නැබුරුව යටතේ අනුගමනය කරන ලද ප්රතිපත්තිවලට අනුව සුබ සාධන පහසුකම් අඩුවෙන් ලබා දී පෞද්ගලික අංශයට වැඩි පහසුකම් ලබා දෙමින් සමාජය පාලනය කිරීමට යොමු වන අතර එය බටහිර ධනවාදී රටවල සමාජ ආර්ථsක ප්රතිපත්තිවල ස්වරූපය පිළිබිබු කරයි. එමෙන්ම මධ්‍ය වාමාංශික අදහස් යටතේ සුබසාධන පහසුකම් වැඩිපුර ලබා දෙමින් සමාජ කළමණාකරණය සහ ආර්ථිකය මෙහෙයවීමේ දී රජය ප්රධාන ගාමක බලවේගය විය. එය හුදෙක්ම සමාජවාදී සමාජවල සමාජ කළමණාකරණයේ ස්වරූපයක් පෙන්නුම් කළේ ය.
එසේ වුවත් ශ්රී ලංකාවේ දරිද්රතා දර්ශකය තුළ දිනකට ඇමරිකන් ඩොලර් දෙකකට වඩා අඩු ආදායම් ලබන සංඛ්යාව 20%ක් පමණ වේ. මේ නිසාම සුබසාධන පහසුකම් සැපයීම අවශහ් වේ. එහි දී විදේශ ආධාර හිමි වුව ද ලංකාවේ සුබසාධනය කෙරේ ඒවා වැය කිරීමට සිදුවන නිසා ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම අපහසු ය. ඒ අනුව 1980න් පසු ලංකාවේ දුගීබව තුරන් කිරීම සදහා විවිධ වැඩසටහන් හදුන්වා දෙන ලඳී කෙසේ වුව ද ස්නොඩ්ග්රාස්ට අනුව ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය හරහා සමාජ සුබසාධනයට සැළකිය යුතු බලපෑමක් සිදු වී නැති අතර ශුභසාධනය ඉහළ ගොස් ඇත්තේ ස්රුජු දරිද්රතාව පිටු දැකීමේ උත්සහයක් තුළිනි. මේ අනුව ශ්රී ලංකාවේ සමාජ ප්රතිපත්ති සහ ආර්ථsක සංවර්ධනය අතර පවතින සම්බන්ධතාව කෙසේ ද යන්න පැහැදිළි කරගත හැකි ය.
No comments:
Post a Comment