දිළිදුකම යනු
1991 වර්ෂයේ දී The Council of
European Communities නිකුත් කළ වාර්තාවක දුගීබව යන්න නිර්වචනය කර ඇත්තේ තමා ජීවත්වන සමාජය තුළ සමාජය පිළිගත් ආකාරයේ සාමාජමය ජීවිතයක් අවම මට්ටමින් හෝ පවත්වාගෙන යාමට නොහැකි අය දුගියන් ලෙස සැළකිය යුතු ය. යනුවෙනි. මෙහි දී සාමාජස්ය වශයෙන් තම පැවැත්ම සදහා අවශහ් වූ සම්පත් නොමැති වූවත් දිළින්දන් ලෙස හදුන්වනු ලැඹේ. තව ද, ඔස්කා ලෙවිස් නම් මානව විද්යාඥයාට අනුව පුඑල් සමාජ සංස්ථාවට අනුකූල නොවී සාර ධර්ම ඇගයීම් අතින් වෙනස් වී කැපී පෙනෙන, දිගටම ක්රියාත්මකවන උප සංස්කෘතික ලක්ෂණය දුප්පත්කම වේ. එමෙන්ම බහුමානීය සංකල්පයක්වන දිළිදුබව ප්රධාන මානයන් තුනක් ඔස්සේ දැක්විය හැකි බව 1992 දී චේම්බර් නම් ආර්ථsක විද්යාඥයා ස`දහන් කරයි. එනම් පැවැත්ම, ආරක්ෂාව හා ආත්ම අභිමානයයි.
සමාජස්ය විද්යා විශ්වකෝෂයට අනුව දිළිදුකමේ අර්ථ තුනකි. එනම්,
1. සාමාජමය දිළිදුකම
2. සදාචාරමය දිළිදුකම
3. අන්ත දිළිදුකම යන්න වේ.
මෙහි දී සාමාජස්ය දිළි`දුකම යන්නට දේපළ, ධනය, ජස්වන මට්ටම ආදී ආර්ථsක සාධකවල අසමානතාව මෙන්ම අසම්මත පහත් සමාජ සම්බන්ධතා මත යැපීම, සූරාකෑමට බ`දුන් වීම සමාජයෙන් කොන් වීම ආදී විවිධ කරුණු ඇතුළත් වන්නා වූ සමාජමය අසමානතාවන් ද ඇතුළත් වේ. මෙබ`දු සමාජ ස්ථරයන් තුළ දුප්පත්කම වූකලී සුවිශෙඅෂ මට්ටමක ආදායමක් හෝ දේපළක් නොහ`ගවන්නා වූ සාපේක්ෂ දෙයකි.
සදාචාරමය දිළි`දුකම යනු සමාජයේ හෝ එහි උප සංස්ථා සමූහයේ ආදියේ පවත්නා අගනාකම් පද්ධතිය තුළ දිළිදුකමට ඇති ස්ථානයයි. එය සදාචාරමය වශයෙන් පිළිගනු ලබන්නේ ද යන්න හා කවර නම් සමාජ තත්ත්වයක් දුප්පත්කම විසින් පුද්ගලයාට ආරෝපණය කරනු ලබන්නේ ද, කවර සමාජ තත්ත්වයක් ලබා ගැනීමෙන් පුද්ගලයා එයින් වළක්වනු ලබන්නේ ද යන්න එම`ගින් අර්ථවත් වේ.
අන්ත දිළිදුකම යනු තමන්ගේ ජීවන නඩත්තුව කිසිසේත්ම පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති වීමයි. එනම් ආහාරපාන, ඉදුම් හිටුම්, ඇදුම් පැළදුම් ආදිය උපයා ගැනීමට පවතින නොහැකියාවයි. බාහිර ආධාර උපකාර නොමැති සාම්ප්රධායිකව පිළිගත් අවම ජස්වන මට්ටම හෝ පවත්වාගෙන යාමට නොහැකි වීමයි. අවම ජීවන මට්ටම සෑම කාලයකටම නිශ්චය කෙරෙන අතර ඉන් පහළ ජනයා දුගී අය වශයෙන් සැළකෙන අතර ඒ අයට රාජ්හ් අංශයේ හෝ වෙනත් සුබසාධන අංශවලින් ආධාර උපකාර ඉල්ලා සිටීමට හැකියාව ඇත.
සමාජ විද්යාත්මක විග්රහයට අනුව දිළි`දුකම යන්න ප්රධාන ආකාර දෙකක් යටතේ වෙන් කර හදුනා ගනී. එනම්
1. සාපේක්ෂ දිළිදුකම
2. නිරපේක්ෂ දිළිදුකම යනුවෙනි.
සාපේක්ෂ දිළිදුකම යනු, එක් පංතියකට සාපේක්ෂව තවත් පංතියක ආදායම් විෂමතාවයි. ඒ අනුව එක් සමාජයක් තුළ පංති ගණනාවක් තිබෙන අවස්ථාවක ඉහළ ධනපති පන්තියට සාපේක්ෂව අනෙක් හැම පන්තියක්ම දුගී බවට අයත් වේ.
නිරපේක්ෂ දරිද්රතාව යනු, ජස්වත් වීමට අවශහ් මූලික අවශහ්තාවත් සපුරා ගැනීමට නොහැකි තත්ත්වයයි.
උදා: ජීවත් වීමට දෛනිකව අවශහ් වන කැලරි ප්රමාණයවත් ලබා ගැනීමට නොහැකි වීම.
තව ද, දුගී බවට පත් වීමට බලපාන හේතු ප්රධාන වශයෙන් කොටස් දෙකකි. එනම්, සංස්කෘතික හේතු හා ව්‍යුහාත්මක හේතු වශයෙනි. සමාජය තුළ ධනය, බලය බෙදී යාමේ විෂමතාව මත ද මිනිසුන් දුගී බවට පත් වේ. තව ද, දුගී බව යන්න ස්වෙච්ඡා දුගී බව හා ස්වෙච්ඡා නොවන දුගී බව වශයෙන් ද වර්ග කොට හදුනා ගනී. ස්වෙච්ඡා දුගී බව යන්න තුළ දී මිනිසුන් දුගී බවට පත්ව ඇත්තේ සිය කැමැත්තෙනි. උදා: පැල්පත් වාසීන් තමන්ට කොතරම් පහසුකම් ලබා දුන්න ද නැවත එම පැල්පත් වෙතම යාමට උත්සහ කිරීම. ස්වෙච්ඡා නොවන දුගීකම යනු වෙනත් කිසි`දු පිළියමක් නොමැති කමින් දුගී බවට පත් වීම යි. දේශීය වශයෙන් ලංකාවේ දුගීබව මැනීම සදහා භාවිතවන දර්ශක වශයෙන්, මානව දරිද්රතා දර්ශකය දුගී බවේ පරතර දර්ශකය, දරිද්රතා රේඛාය යන ඒවා හ`දුනා ගත හැකි
පොදුවේ බලතොත් දිළි`දුකමේ මූලික ලක්ෂණ කිහිපයකි. ඒවා
- · දුප්පත් මිනිසුන් දුර්වල බව
- · ඔවුන්ට බලය නැතිකම
- · ශාරීරික දුර්වලබව
- · හුදකලා බව
- · දුප්පත්කම තුළ හිරවීම යනාදිය යි
මේ ආකාරයට හදුනාගන්නා දිළිදුකම පිටු දැකීම උදෙසා සෑම රටක්ම පාහේ විවිධ වැඩසටහන් ක්රියාත්මක කරනු දැකිය හැකි ය. ඒ අනුව ශ්රී ලංකාව දිළිදුකම පිටු දැකීම උදෙසා අනුගමනය කළ වැඩසටහන් කිහිපයක් පවතී. ඒ අතර ආහාර සහනාධාර හා මුද්දර ක්රමය, ජනසවිය ව්යෙආපෘතිය, සමෘද්ධි ව්යෙආපෘතිය, ඒකාබද්ධ ග්රාමීය සංවර්ධන යෝජනා ක්රමය,
විවිධ නිවාස සංවර්ධන ව්යෙආපෘති වැනි ස්රුජු ක්රම මෙන්ම වක්‍ර ක්රම යටතේ සැමට අධ්යාපනය, සෞඛ්‍ය පහසුකම් මෙන්ම සමාජ ආරක්ෂණ වැඩසටහන් ද ක්රියාත්මක විය. සමාජ ආරක්ෂණ වැඩසටහන් යටතේ ගොවි රක්ෂණ, ජීවන රක්ෂණ, ස්වයං රැකියා ක්රම මගින් වැඩිහිටියන්ගේ ජස්වන තත්ත්වය පහත නොවැටීමට අවශහ් ක්රම සකස් කරන ලදී.
No comments:
Post a Comment