Sunday, May 5, 2019

සංවර්ධනය හා සමාජ ප්‍රතිපත්ති


සංවර්ධනය හා සමාජ ප්‍රතිපත්ති

සමාජ ප්රතිපත්ති පිළිබදව සාකච්ඡා කිරීමේ දී මූලිකවම සංවර්ධනය යන සංකල්පය පිළිබදව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. මන්ද සමාජයේ සංවර්ධනය සිදුවීමට අනුකූලවන ආකාරයට සමාජ ප්රතිපත්ති යන්න නිර්මාණය කළ යුතුවන බැවිනි. අනුව මුලින්ම සංවර්ධනය යනු කුමක් යන්න හදුනා ගනිමු. සංවර්ධනය යනු එක්තරා අකාරයේ වෙනස් වීමකි. එසේම සංවර්ධනය වූ කලී අවසාන වන දෙයක් නොවේ. ඊට හේතුව සමාජ වෙනස් වීම සමග මිනිසුන්ගේ අවශහ්තා වෙනස් වීම යි. මේ අනුව සංවර්ධනය යනු පුද්ගලයාගේ අවශහ්තා සහ උවමනා මත සිදුවන නොනවතින ක්රියාවලිය කි. සංවර්ධනය යනු වෙනස් වීමක් යැයි පැවසුව එහි දී කිව යුත්තේ සංවර්ධනය යනු සාමාන් වෙනස් වීමක් නොවන බවයි. බොහෝ දෙනා සංවර්ධනය යනුවෙන් හදුන්වන්නේ ආර්ථික අංශයේ දියුණුව පමණි. එහෙත් සැබවින්ම සංවර්ධනය යන්න ආර්ථික මෙන්ම සාමාජස්, සංස්කෘතික, දේශපාලන යන අංශයන්හි සිදුවන වර්ධනයක් ලෙස පෙන්වා දිය හැකිය.

සංවර්ධනය යන්න පිළිබදව බටහිර ලෝකයේ පිළිගත් අර්ථ නිරූපණය වන්නේ Growth On change යන්න යි. එහි ඓතිහාසික පසුබිම ඇත්තේ යුරෝපයේ . සංවර්ධනය යන්න අර්ථ දැක්වීමේ දී විල්සන් සහ වුඩ් යන විද්යා×යින් Pattern of the world Devolopment යන ග්රන්ථයේ එය අර්ථ දක්වන්නේ, ප්රමාණාත්මක සහ ගුණාත්මක වශයෙන් සමාජයේ වර්ධනයක් ඇති කරන බහු දර්ශීය ක්රියාවලියක් ලෙස යි. සංවර්ධන ක්රියාවලියේ දී ආර්ථික, ශාරීරික, සංස්කෘතික, අධ්යාත්මික, අන්තර් පුද්ගල හා දේශපාලනික ආදී සෑම අංශයකම එකට බැදුනු සංවර්ධනයක් සිදු විය යුතු . මානව ගරුත්වය සමාජ සාධාරණත්වය යන මූලධර්ම පදනම් කරගෙන සමාජයේ සිදුවන සංගෘහිත වූත්, සමතුලිත වූත්, ඒකාබද්ධ වූත් වර්ධනය සංවර්ධනය යි. එමෙන්ම සංවර්ධනය යන්න යම් රටක පවත්නා ස්වභාවික සම්පත් මෙන්ම මානූෂීය සම්පත් රට වැසියාගේ ජස්වන තත්ත්වය නගා සිටුවීම පිණිස මෙම සම්පත් බුද්ධිමත්ව උපයෝගී කර ගැනීමක් ලෙසට සදහන් කළ හැකි .
 
මේ ආකාරයට නූතන ලෝකයේ සමාජ ආර්ථක රටාව තුළ සංවර්ධනය යන්නෙහි අරුත අතිශය සංකීර් තලයකට පිවිස ඇති බව කිව හැකි . දිගු කාලීන ලෝක ඉතිහාසය තුළ සිදු වූ සමාජමය ක්රම විකාශනයේ ප්රතිඵලයක් ලෙස යි. තව , 1961 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රකාශයට අනුව සංවර්ධනය යනු, ලෝක ජනතාවගේ ජස්වන තත්ත්වය වැඩි දියුණු කිරීම වන අතර 1981 දී නැවතත් එම සංවිධානය විසින්ම එය අර්ථ නිරූපණය කරන්නේ ජන සංඛ්යාව, සමාජස්, සංස්කෘතික සහ සදාචාරාත්මක යන අංශ ඇතුළත් වෙනස් වීම් සහ වර්ධනය යන ක්රියාදාමයක ප්රතිඵලයක් ලෙස යි. එමෙන්ම 1978 යුනෙස්කෝ සංවිධානය එය අර්ථ දක්වන්නේ රටක් ආර්ථs සංවර්ධනය සමග සාමාජමය සංවර්ධනයක් ඇති විය යුතු බවයි. සාමාජමය සංවර්ධනය සිදු විය යුත්තේ ආහාර හා පෝෂණය, සෞඛ් අධ්යාපනය සහ නිවාස, විවේකය සහ මානූෂීය නිදහස යන අංශවල ධනාත්මක වර්ධනයක් වශයෙන් බවයි. 1930 ගණන්වල සංවර්ධන න්යායන් ආරම්භ වේ. එහි දී මුල් කාලයේ භෞතික දේවල් සංවර්ධනය, සංවර්ධනය වීම ලෙස සැළකුව 1980න් පසුව සංවර්ධනය පිළිබදව ජාත්යන්තර ආයතන එනම් ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වැනි ආයතන මානව සංවර්ධනය පිළිබ`දව අවධානය යොමු කරන ලඳී. අනුව එහි දී මිනිසාට ප්රමුඛස්ථානය දී මිනිසා සහ සමාජය යන දෘෂ්ටිපතනයට අනුව සංවර්ධනය තීරණය වේ.

මේ සියලු කරුණු අනුව සංවර්ධනය යන්නෙහි සමාජ විද්යාත්මක නිර්වචනය වඩාත් පුඑල්වන බව පැහැදිළි . අනුව සමාජ විද්යාත්මකව සලකාබලන විට සංවර්ධනය යනු සියලුම ජනතාවට වඩාත් යහපත් ජීවිත ගත කිරීමට අවශ්‍ය සුදුසුම පසුබිම නිර්මාණය කිරීම ලෙස පොදුවේදහන් කළ හැකි . සංවර්ධනය පිළිබද කලින් කලට කුමන නිර්වචනයන් ප්රකාශ වුව , සංවර්ධනය මිනිසාගේ මිනිසාගේ සුබසිද්ධිය සදහාම වූවක් විය යුතු . ජස්වන ගුණය ඉහළ නැංවීම `දහා ආර්ථික සාමාජස් හා පාරිසරික ස්ථාවරයන් පමණක් නොව අධ්යාපනය සහ සෞඛ්, දේශපාලන නිදහස සහ මානව අයිතිවාසිකම් ආදී වශයෙන් වූ සමස්තයම ධනාත්මක වශයෙන් සම්පූර්ණ විය යුතු . එබැවින් සංවර්ධනයේ කැඩපත මිනිසාගේ  ජස්වන ගුණය යි.

මේ අනුව සමාජස් සංවර්ධනය උදෙසා සෞඛ් පහසුකම්, අධ්යාපන පහසුකම් සහ අනෙකුත් සුබසාධන සේවාවන් ඉහළ නැංවීම අතිශය වැදගත් වේ. එමෙන්ම යම් රටක සමාජ ප්රතිපත්ති මිනිසුන්ගේ යහපැවැත්ම ඉදිරියට පවත්වාගෙන යාමට ඉවහල් වේ. ගුනාර් මිර්ඩාර්ට අනුව ආර්ථs වෘද්ධිය සහ සමාජ සංවර්ධනය යන දෙකම එකට ගෙන යයි. එහි දී ප්රධාන එලබ්ම් දෙකක් ගැන අවධානය යොමු කෙරේ. එනම්, ආංශික එළබුම සහ ඒකාබද්ධ එළබුමයි. මෙම අංශ දෙකම එකට ගෙන යාම සදහා තිරසාර දැක්මක් අවශහ් වන අතර අවසානයේ දී සමාජ ප්රතිපත්ති සම්පාදනය යන්න තිරසාර සංවර්ධනය යන්න සමග සම්බන්ධ වේ. අනුව සමාජස් විද්යා දෘෂ්ටියෙන් විමසීමේ දී සංවර්ධනය යන්න තුළ සමාජස් සංවර්ධනය යන්න වැදගත්වන්නා වූ සේම සංවර්ධනය, සුබ සාධනය මෙන්ම සමාජ ප්රතිපත්ති යන්න එකිනෙක බැදී පවතින අංග තුනක් ලෙස සදහන් කළ හැකි ය.

සමාජය තුළ ප්රතිපත්තිමය වාතාවරණයක් ඇති වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව . සමාජයක් නිශ්චිත දිශාවකට ගමන් කිරීමේ අවශහ්තාව මත එය ඇති වේ. පුද්ගල චර්යාව පාලනය කරනු ලබන රටාවන් ප්රතිපත්තියක් යනුවෙන් සරලව හදුනාගත හැකි .  මෙහි දී ක්රමානුකූල ලෙස පුද්ගල චර්යාව මෙහෙවීම නිසා පුද්ගල අභිමතාර්ථයන් පහසුවෙන් `ගාකර ගත හැකි වේ. ප්රතිපත්තියක් යන්න අවස්ථාව අනුව, සමාජ පද්ධතිය අනුව, ක්රියාත්මකවන අවස්ථාව අනුව වෙනස් වේ. සමාජ ප්රතිපත්තියක් යන්න නිර්වචනය කිරීමේ දී එය
සමාජයක පවතින විවිධ අවශහ්තා ක්රමානුකූලව එමෙන්ම විධිමත් ආකාරයට `දුනාගැනීම `දහා ක්රියාත්මකවන ක්රියාවලිය නැතහොත් යාන්ත්රණය˜ යනුවෙන් `දුනාගත හැකි ය.
මාෂල්ට අනුව සමාජ ප්රතිපත්තියක් යනු මහජන සුබසාධනය `දහා රජය ස්රුජු ලෙසම සම්මාදම්වන ආකාරය යි. එහි දී විවිධ සේවාවාන් සැපයීම `ගින් සමාජ ප්රතිපත්ති ක්රියාත්මක කරයි ˜' 

එමෙන්ම සමාජ ප්රතිපත්ති යනුවෙන් හදුන්වනු ලබන්නේ, මහජන සුබසාධනය මනා ලෙස පවත්වාගෙන යාම සදහා ක්රියාත්මක කරනු ලබන උපදෙස් මාලාවකි. එසේත් නැතිනම් කෙසේ සිදු විය යුතු යන්න පිළිබද සකස්කර ඇති පිළිවෙත් සමූහය යි. තව සමාජ අවශහ්තාවන්ට ප්රතිචාර දක්වන ආකාරය සමාජ ප්රතිපත්තියක් වශයෙන් හදුනා ගැනීම වරදක් නොවේ. මෙම සමාජ ප්රතිපත්ති ක්රියාත්මක කිරීම සදහා සමාජ කළමණාකාරීත්වය සම්බන්ධ වේ. සමාජ ප්රතිපත්තිවලට සම්බන්ධවන ප්රධාන අංශ කිහිපයකි. එනම්
 
1. සමාජ යාන්ත්රණ   
2. සමාජ සේවා
3. සමාජ සුබසාධනය
4. සමාජ ආරක්ෂණය
5. සමාජ සුබසාධන රාජ්හ්යන්  යනුවෙන් ඒවා පෙන්වා දිය හැකි ය.
 
සමාජ යාන්ත්රණ ක්රියාත්මක කිරීම `දහා සමාජයේ විවිධ පුද්ගලයන්, ආයතන සදහා සහභාගී විය යුතු . සමාජ ප්රතිපත්ති ක්රියාත්මක කිරීම `දහා සංවිධානය වී තිබෙන සමාජ ආයතන සමාජ කළමණාකාරීත්වය යි. සමාජ ප්රතිපත්තිවලට සම්බන්ධවන අනෙක වන්නේ සමාජ සේවාවන් . එහි දී රටක ප්රජාවට ගමනාගමන පහසුකම් සෞඛ්, අධ්යාපන පහසුකම්වල සිට ලබාදෙන සියලු පහසුකම් සමාජ සේවාවන් ලෙස හදුනාගත හැකි . සමාජ සුබසාධනය යන්න ඊට වඩා වෙනස් වූවකි. එය රටින් රටට වෙනස් ආකාරයට හදුනාගත හැකි . උදා: සමහර රටවල පුද්ගල මූලික අවශහ්තා පමණක් සුබසාධන වශයෙන් සලකයි. සමහර රටවල් සුබසාධන රාජ්හ්යන් ලෙස හදුනා ගනී. සමාජ ආරක්ෂණය යනුවෙන් හදුන්වන්නේ සමාජවල විවිධ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයන් ආරක්ෂා කිරීම සදහා පවතින යාන්ත්රණය යි.  උදා: ජේශ්ඨ පුරවැසියන් , දිළි`දු සමාජ කොටස් ආරක්ෂා කිරීම `දහා ක්රියාත්මකවන සමාජ ආරක්ෂණ පද්ධතිය.
සමාජ ප්රතිපත්ති ක්රියාත්මක වීමේ දී පිළිගත් රටාවන් දැකිය හැකි . අනුව සමාජ ප්රතිපත්ති ක්රියාත්මක වීමට අවශහ් මෙවලම් කිහිපයක් `දුනාගත හැකි . ඒවා අතර, සංවිධාන, සමාජ අරමුණු සාක්ෂාත් කිරීම සදහා විධිමත්ව ක්රියාත්මකවන ඒකක, ප්රතිපත්ති ක්රියාත්මක කිරීම සදහා නීතිමය ආයතන, නීතිරීති පද්ධති, ආයතන පාලන `දහා නියාමන, වෘත්තිකයන් හා කාර්ය මණ්ඩල, මූල් ප්රතිපාදන, ප්රතිපාදන ලබා ගැනීම `දහා ප්රතිලාභීන්, විවිධ ව්යෙආපෘති සම්බන්ධ ජනතාවට අවශහ් තොරතුරු ලබා දීම, සැළසුම් කිරීම, තාක්ෂණය වැනි මෙවලම් `දුනාගත හැකි ය.

තව , සමාජවල පවතින සමාජ සන්දර්භ ලක්ෂණ වලට සුදුසු ආකාරයට සමාජ ප්රතිපත්ති සකස් විය යුතු අතර සමාජ ප්රතිපත්ති මනා ලෙස පවත්වාගෙන යාම සදහා අන්තර් ජාතික ආයතන සමග සබදතා පැවැත්වීම වැදගත් වේ. සමාජ ප්රතිපත්ති යන්න, ජස්විතයේ ගුණාත්මකභාවය වර්ධනය, මනාලෙස සමාජ සබදතා පවත්වාගෙන යාම, අධ්යාපනය ලබා ගැනීමට, දේශපාලනික වශයෙන් සබුද්ධික පුද්ගලයන් බිහි කිරීම, මනා ලෙස සංස්කෘතික සබදතා පවත්වාගෙන යාමට, ස්ථාවර ජස්වන රටාවක් පවත්වාගෙන යාමට, ස්ථාවර ආර්ථsකයක් පවත්වාගෙන යාමට, නිවාස පහසුකම් සංවර්ධනය ආදී සියල්ල සදහා උපකාර වේ. සමාජ ප්රතිපත්ති සම්පාදනය යන්න පරම අර්ථයෙන්ම ශුභසාධනය සැලසීම යන්න අරමුණු වුව මෙය සමාජ විඥාණයට අනුව වෙනස්විය හැක්කකි. වඩා හොද සමාජය කුමක් ? අනුව සමාජ යහපත් සලසන්නේ කවුරුන් සදහා යන්න ප්රතිපත්තිමය තීරණ ගනු ලබන අයගේ ප්රතිමාන හා බැදී පවතී. රාජ්හ් බලය ඇති පංතිය තමන්ගේ බලය තහවුරු කර ගැනීම සදහා යොමු වූ සුබසාධනය සමාජ සුබසාධනය ලෙස හැදින්වුව එය සැබවින්ම සමාජයේ තවත් කොටසකට අශුභ සාධකයක් විය හැකි . මෙම කරුණ සමාජ ප්රතිපත්ති හා සැළසුම් සම්බන්ධ ක්රමවේදීය ගැටලුවක් ලෙස හදුනාගත හැකි . 

3 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්.ස්තූතියි.

    ReplyDelete
  2. Yes i am totally agreed with this article and i just want say that this article is very nice and very informative article.I will make sure to be reading your blog more. You made a good point but I can't help but wonder, what about the other side? !!!!!!Thanks Media

    ReplyDelete
  3. Took me time to understand all of the comments, but I seriously enjoyed the write-up. It proved being really helpful to me and Im positive to all of the commenters right here! Its constantly nice when you can not only be informed, but also entertained! I am certain you had enjoyable writing this write-up. blogsempire

    ReplyDelete