ශ්‍රී ලංකාවේ සිදුවන නායයෑම්
නාය යෑම සම්බන්ධයෙන් වැඩි අවදානමක් පවතින්නේ කෑගල්ල, නුවරැළිය හා රත්තපුර යන දිස්ත්රික්ක වලයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් හදුනාගෙන තිබෙන දිස්ත්රික්ක වලට අමතරව අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, කොළඹ, ගම්පහ හා මොණරාගල යන දිස්ත්රික්ක වල සුළු වශයෙන් නාය යෑම් වලට ලක් වන ආකාරය හදුනාගත හැකිය. ශ්රී ලංකාවේ දිස්ත්රික්ක අනුව නාය යැම් සම්බන්ධයෙන් ලැබී තිබෙන දත්ත අනුව අඩු වශයෙන් ම නාය යෑම් සිදුවන දිස්ත්රික්ක වශයෙන් ගම්පහ, අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්රික්ක වැදගත් වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ශ්රී ලංකාවේ දිස්ත්රික්කවල වැඩි වශයෙන් ම නාය යෑමේ තර්ජනය සිදුවන එක් එක් ස්ථානයන් පෙන්වා දී තිඹේ
කෑගල්ල - දෙහිඕවිට, කෑගල්ල, දැරණියගල, ගලිගමුව, වරකාපොල, අරණායක, යටියන්තොට, රුවන්වැල්ල රත්නපුර - කුරුවිට, පැල්මඩුල්ල, බුළුතොට, ඇලපාත, පලාවෙල, හෙලෞඩ, කොලොන්න නුවරැළිය - වලපනේ, හ`ගුරන්කෙත, උඩහේවාහැට බදුල්ල - හාලිඇල, බණ්ඩාරවෙල, බැද්දේගම කළුතර - බුලත්සිංහල, මතුගම, උඩුවෙල මහනුවර - පහතහේවාහැට, ගලගෙදර, නාවලපිටිය මාතලේ - පන්සල්තැන්න, පිටකන්ද, පාලින්දගම, මාතර - දෙණියාය, ලංකාපුර හම්බන්තොට - රත්මලේකන්ද ශ්රී ලංකාවේ මධ්‍ය ක`දුකරයේ සිදුවන දරුණු නාය යෑම් බොහෝමයක් කදුවැටිවල පිහිටි මොහොර බෑවුම්වල ඇතිවේ (දහනායක, 1998). මෙම බෑවුම් අභ්යෙඅන්තරයේ ඇති පෂාණයන්හි එක් එක් ස්කන්ධ චලනයට සමාන්තර හා අනෙක මුහුණතට සමාන්තර ලෙස පිහිටි කුස්තුර පද්ධති වලින් සමන්විත වේ. මෙම නාය යෑම් වලින් බොහෝමයක් මිනිසාගේ හෝ ස්වභාවික ක්රියා නිසා නැවත සක්රිය වූ පැරණි නාය යෑම්ය. මේ ආකාරයෙන් නාය යෑම සිදුවීමත් සමග කුස්තුර පළල් වීම හා පාෂාණ විස්ථාපනය වීම සිදුවේ. මෙහි ප්රතිඵලය වශයෙන් නාය යෑම සිදුවීමට පදනම නිර්මාණය වේ. මානව ක්රියාකාරකම් ප්රදේශය තුළ සිදුවීම නිසා ඊළග වර්ෂා සමය එළඹිවිට දැනටමත් දුර්වල වූ පාෂාණ පද්ධති බිදවැටීමෙන්ද අභ්‍යන්තර භූගත ඛාදනය සිදුවීමෙනුත් පාෂාණ ගිලා බැසීමට හෝ චලන ඇතිවේ. 30 ශ්රී ලංකාවේ පාෂාණ (මොහොර බෑවුම් වලදී) කඩාවැටීම් හා පාෂාණ බැසීම් හානි ඇතිකරන විශාල නාය යෑම් ලෙසද, අලුතෙන් තනන හෝ ප්රතිසංස්කරණය කරන ලද මාර්ගවල අවපාත බෑවුම් දිගේ පාෂාණ රූට්ටා යාම් සුළු නාය යෑම් වශයෙන් ද ශ්රී ලංකාව තුළ බහුලව දැකිය හැකිය.
නමුත් දැනට වාර්තාවී ඇති බොහෝ නාය යෑම් ඉහත සදහන් කළ වර්ග දෙකක හෝ කීපයක මිශ්රණයකි. මේ ආකාරයෙන් සිදුවන නාය යෑම විශාල පරිමාණයෙන් සිදුවීම සුවිශේෂි ලක්ෂණයකි. සාමාන්යයෙන් මෙම නාය යෑමක පළල මීටර් 50 වැඩිවන අතර දිගින් කිලෝමීටර්යකට ද වඩා වැඩිය. ශ්‍රී ලංකාවේ මධ්‍ය ක`දුකරය ආශ්රිතව සිදුවන නාය යෑම් සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේ දී පෙනීයන ලක්ෂණය වන්නේ ඉතා ම දීගු කාලයක් තිස්සේ නොනවත්වා පවතින තද වැසි පවතින විට සිදුවන වේගයෙන් රූට්ටා යන සුන්බුන් හෝ පාෂාණ ගැලීම්ය. මෙම ක්රියාවලිය සදහා පසේ තත්ත්වය හා වර්ෂාපතන තීව්රතාවයට වැඩි වැදගත්කමක් ලැඹේ මේ අනුව නාය යෑමේ උපද්රවය ශ්රී ලංකාවට පොදු වූවක් වශයෙන් හදුනාගත හැකිය. ශ්රී ලංකාව තුළ නාය යෑම සම්බන්ධයෙන් සිදුකරන ලද අනුව පෙනීයන ලක්ෂණය වන්නේ නිරිතදිග මෝසම් වර්ෂාව ක්රියාත්මක වන මැයි සිට සැප්තැම්බර් අතර කාලයේ දී හා ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබෙන දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේ දී නාය යෑමේ තර්ජන වැඩි වශයෙන් ම ඇතිවන බවයි. ඊට අමතරව අන්තර් මෝසම් වර්ෂාව ක්රියාත්මක වන මාර්තු සිට අප්රේල් අතර කාලය හා ඔක්තෝම්බර් සිට නොවැම්බර් කාල සීමාව තුළදී ඇතිවන අධික වර්ෂාපතනය හේතුවෙන් විශාල ප්රමාණයක ස්කන්ධ හායනය සිදුවන බවයි. ඒ අනුව මෙර තුළ සිදුවන නාය යෑම් සදහා ඍජු වශයෙන් ම වර්ෂාපතනය හේතුවන ආකාරය පැහැදිලිය.
2. ශ්‍රී ලංකවේ දැනට සිදුවී ඇති විශේෂ නායයෑම්
01. සිංහපිටිය ගම්පොළ නාය යෑම. මෙම නාය යෑම 1977 ඔක්තෝම්බර් 22 දින ඇතිවිය. මෙහිදී මීටර් 800 ක් පමණ වන පාෂාණ බැස්මක් සහ පාෂාණ ගැලීමක් සිදුවූ අතර මෙය ආරම්භ වූයේ මොහොර බෑවුමකිනි. නාය යෑම සිදුවීමට පෙර ඒ ආශ්රිතව පිහිටා තිබූ ලයින් කාමර වල පොළොව යටින් දිය උල්පත් මතු වූ අතර මේ ප්රදේශයේ කාණු කැපීම මගින් ජල වහනයට බාධා පමුණුවා තිබුණි. මෙම ප්රදේශය අතීතයේ දී නාය යෑමට ලක්වී ඇති අතර එම නාය යෑම නැවත සක්රීය කිරීමට හේතු වී තිබෙන්නේ ජල මාර්ග ඇති කිරීමයි. නාය හිස ප්රදේශයේ ඇතිවූ පාෂාණ කුට්ටි කඩා වැටීමෙන් ඇතිවූ පීඩනය හා තෙරපීම නිසා ගැලීම ආරම්භවී ඇත. එසේම ප්රදේශයේ මොහොර බෑවුමේ දුර්වල කුස්තුර සහිත පාෂාණ ස්තරයද නාය යෑම පහසු කිරීමට ඉවහල් විය. භූගත සහ වැසි ජලය නොනවත්වා ගලා යෑම නිසා බෑවුමෙහි තිබූ ෆෙල්ස්පාර් ඛනිජය ද්රාවණය කර මැටි සාදා තිබීම නිසා මොහොර බෑවුම අස්ථායි වීම සිදුවිය.
02. පිටකන්ද නාය යෑම - මාතලේ. 1981 දෙසැම්බර් 09 වන දින මෙම නාය යෑම සිදු විය. මෙයට වසර 100 පමණ පෙර දී මෙම ස්ථානයේ නාය යෑමක් සිදුවී ඇත. මෙය එම නාය යෑම නැවත සක්රිය වීමකි. මෙම නාය යෑම මගින් පාංශු ගලායාම හා පාංශු පතනයත් සිදුවී ඇත. දිගින් කිලෝමීටර් එකක් පමණ වන නාය යෑම හටගෙන තිබෙන්නේ අවපාත බෑවුමකය. විශේෂයෙන් ම මෙම ප්රදේශය ග්රැනයිට් අඩංගු නයිස් පාෂාණ වලින් සමන්විත වේ.
03. පතුල්පාන නාය යෑම - රත්නපුර 1982 ජූනි මස 08 වන දින මෙම නාය යෑම සිදුවිය. කිලෝමීටර් 1.5 ක් පමණ දිගකින් යුත් මේ නාය යෑම ම`ගින් පාෂාණ බැස්මක් සහිත මඩ ගැල්මක් සිදුවී ඇත. මෙම නාය යෑම සදහා ඉවහල් වී ඇත්තේ තද වැසි කාලයේ දී සක්රිය වන කුඩා දිය පහරවල්ය. මෙම ප්රදේශයේ පතුල් පාෂාණය ෆෙල්ස්පාර් සරු නයිස් පාෂාණ වලින් සමන්විත වූ අතර නාය අක්ෂය මැටි සහිත පාෂාණ වලින් සමන්විත විය. මෙම ප්රධාන නාය යෑම් අමතර වශයෙන් ශ්‍රී ලංකාවේ බදුල්ල හා නුවරැළිය දිස්ත්රික්ක වල නාය යෑම් රාශියක් ම වාර්තාවී තිෙබ්. මෙම නාය යෑම් අතුරින් මාර්ගයේ ඉවුරු නාය යෑම් කීපයක් ම හදුනාගත හැකිය. 2002 ඔක්තෝම්බර් මස 05 වන දින බදුල්ල දිස්ත්රික්කයේ කොළඹ බදුල්ල මාර්ගයේ පුවක්ගහවෙල ප්රදේශය නාය යෑමට ගොදුරු විය. 36 නියං කාලයේ දී පරෙයියන්ගල කන්දට ගිනි තැබීමෙන් පසු නියං සමය අවසන් වී ඇති වූ වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදුවිය (ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, 2010). 2007 ජනවාරි 11 හා 12 දිනවල නුවරැළිය දිස්ත්රික්කයේ හගුරන්කෙත ප්රාද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් මහනුවර රජ මාවත මාර්ගය අසල නාය යෑමක් සිදුවිය. ක`දුබෑවුම් කපා මාර්ගය තැනීම මෙයට හේතු වූ අතර මාර්ගයේ ගමනාගමන කටයුතු මාස කීපයක් ම ඇත්හැරීමට සිදුවිය (ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, 2010). මේ ආකාරයෙන් නුවරැළිය හා බදුල්ල යන දිස්ත්රික්ක වල මාර්ගයේ ඉවුරු නාය යෑමට ලක්වීම ප්රධානතම ගැටලුවක් වශයෙන් නිරීක්ෂණය කිරීමට ලක්වුණි.
1.3 පශ්චාත් ආපදා කලමනාකරණ ක්‍රියාවලිය තුළ ප්‍රජා සහභාගිත්වය
නූතන සංවර්ධන ක්‍රියාවලිය තුළ පර්යන්තයේ රටවල අවධානය සහභාගීත්ව සංවර්ධනය කෙරෙහි යොමුව ඇත. සංවර්ධනය සදහා භාවිත වන සහභාගීත්ව සංවර්ධනය, ස්ථාපිත ධනවාදය සහ එහි කර්තෘන්ට අනුව නම්,
සහභාගීත්ව සංවර්ධනය නම් සංකල්පය යනු පර්යන්ත රාජ්යවල තිබෙන ආන්තික ජනසමාජ සදහා පරමාදර්ශීය සංවර්ධන මොඩලයක් හදුන්වා දීමකි (උයන්ගොඩ, සහ වෙනත්, 2009). සංවර්ධන කියාදාමය තුළ දිළින්දන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ස්වයං නැගිටීමකට අපොහොසත් දිළිදු සමාජවලට සූක්ෂම සංවර්ධන කියාදාමයන්ට මැදිහත් වීමට අවස්ථාව ලබා දීම සහභාගීත්ව සංවර්ධනය තුළින් අපේක්ෂා කෙරෙයි.
සහභාගීත්ව සංවර්ධනය, තුන්වන ලෝකයේ රටවල් සදහා යොදා ගැනීමේ දී මුල්කාලීනව කියාත්මක වූ ඉහළ සිට පහළට ගලා යන ආකෘතිය එම රටවල් සංවර්ධනය සදහා යොදා ගත් අතර නමුත් එමගින් අපේක්ෂිත සංවර්ධනය කරා ගමන් කිරීමට නොහැකි විය. ඒ සදහා පැමිණි විකල්පය වූයේ පහළ සිට ඉහළට ගමන් ගන්නා වූ එළබීමයි. සංවර්ධනය ගමන් කළ යුත්තේ පහළ සිට ඉහළට බවත් ප්‍රජාවන් සිය පරිසරය හදුනා ගනිමින් ඔවුන් ගේ අවශහ්තා ඔවුන් විසින් ම හදුනාගෙන ඒවා ළගා කර ගැනීම සදහා වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සම්පාදනය කළ යුතු බව ඉහත එළෙබ්. පිළිබද අදහස් දක්වමින් රොබට් චේම්බර්ස් විසින් පෙන්වා දෙන කරුණකි.
නමුත් ආන්තික ප්රජාව සංවර්ධනයේ නිර්මාණකරුවන් කිරීමට සහභාගීත්ව සංවර්ධනයට අයත් සංවර්ධන භාවිතාවන්ට නොහැකි බව සුජස්ව හෙට්ටිතංත්රි විසින් සිය ශ්‍රී ලංකාවේ සහභාගීත්ව සංවර්ධන ප්රවේශයේ විකාශනය පිළිබද අවධානය යොමු කරමින් පෙන්වා දෙයි. ඒ අනුව ප්රජා සහභාගීත්වය ලබා ගැනීම උදෙසා සහභාගීත්ව සංවර්ධන ප්රවේශයේ අවශහ්තාවයත් එය ප්‍රයෝගිකත්වය පිළිබදවත් න්‍යයාත්මක අදහස් ඉදිරිපත් වී අැත.
සමාජ ප්‍රාග්ධනය සංකල්පය හරහා ද නූතන සමාජ ප්‍රශ්න හා සංවර්ධන ගැටලු අධ්යනය කළ හැකිය. පුද්ගලයින් සමාජමය වශයෙන් ගොඩනගා ගන්නා අන්‍යෙනය විශ්වාසය විනය හා අන්තර් සම්බන්ධතා තුළින් ඔහුට ආර්ථික හා සමාජීය වශයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි බව මෙම සංකල්පය හරහා පෙන්වා දෙනු ලබයි. පැමෙලා ෆැක්ස්ටන් විසින් ඇමරිකානු සමාජයේ සමාජ ප්‍රාග්ධනය පිරිහෙමින් පවතින්නේ ද යන ලිපිය මගින් පෙන්වා දෙනුයේ යම් ප්‍රජාවක පුද්ගලයින් සාමූහික ලෙස කියා කිරීම තුළින් පුද්ගලික හා කණ්ඩායමක් ලෙස ලබා ගන්නා ප්‍රතිලාභ හා සම්පත් සමාජ ප්‍රාග්ධනය බවයි.
ප්‍රජාව මුහුණ දෙන ගැටලු විසදා ගැනීමට ප්‍රජාව ගේ සහභාගීත්වය අනිවාර්ය අංගයකි. ශ්‍රී ලංකාවේ ආපදා කලමනාකරණය කාර්යය සදහා ප්රජා සහභාගීත්වය ලබා ගැනීමේ දී ප්‍රජා සහභාගීත්වය කෙතරම් දුරට ඒ සදහා සහභාගී වන්නේ ද නැතහොත් ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ කර ගැනීමෙන් ප්‍රජාවගේ ගැටලු විසදා ගැනීමට හැකි ද ආදී වශයෙන් මෙම න්‍යයාත්මක ප්‍රවේශයන් මෙම පර්යේෂණය සදහා යොදා ගැනීමට අපේක්ෂා ෙකෙර්.