Thursday, April 25, 2019

වී වගාවේ ආරම්භය හා ව්‍යාප්තිය


වී වගාවේ ආරම්භය හා ව්‍යාප්තිය

ශාක වර්ගීකරණය සමගාමිව ඔරයිසා සැටයිවා යන උද්භිද විද්යාත්මක නාමයෙන්
හඳුන්වනු ලබන වී බෝගය ග්රැමනේ නමි තෘණ පවුලට අයත් වන ශාක ප්රභේදයකි. ග්රැමිනේ
නමි තෘණ විශේෂ 24 ක් පමණ හඳුනාගත හැකි අතර ඉන් වගා කරනු ලබන්නේ ඔරයිසා
සැටයිවා සහ ඔරයිසා ග්ලැබරිනා යන වර්ග දෙක පමණකි. වී ශාකයේ ප්රධාන වශයෙන්
වර්ග 03 ක් හඳුනාගත හැකිය. එනම් ජැපොනිකා, ජැවැනිකා, ඉන්ඩිකා වශයෙනි.
ජැපොනිකා යන වී වර්ගය ජපානය ආශ්රිතවද, ජැවනිකා යන වර්ගය ඉන්දුනීසියාව ආශ්රිතවද
පැතිර පවතින අතර ඉන්ඩිකා යන වර්ගය ඉන්දීය උපමහද්වීපය ආශ්රිතවද පැතිර පවතී. වී
ශාකය ප්රධාන වශයෙන් උෂ්ණත්වය අධික නිවර්තන හා උපනිවර්තන කලාපීය රටවල වගා
කරනු ලබයි. මෙම වර්ග තුන අතුරින් ඉන්ඩිකා වී ප්රභේදය ලෝක වෙළඳාමෙන් 75% ක්
පමණ වගා කරනු ලබන අතර ජැවැනිකා වර්ගය සිසිල් දේශගුණයක් ඇති කලාපවල ලෝක
වෙළඳාමෙන් 12% ක් වගා කරයි

 විවිධ ප්රභේදයන් යටතේ ලොව පුරාප්රධාන ධාන් ප්රභේදයක් ලෙස වී ගොවිතැන සංවර්ධනය වේ. ඕනෑම බෝගයක් යම් පරිසරමට්ටමක් තුළ රෝපණය කිරීමේදී විවිධ භූගෝලීය සාධක කෙරෙහි බලපානු ලබයි.

බෝගය වර්ධනයටද යම් යම් දේශගුණික සහ පාරිසරික සාධක අවශහ් වේ. එහිදී මූලික
වශයෙන් ප්රමාණවත් ජල සැපයුම හෝ මි.මි.1500 ක් ඉක්මවන සෘතුදය වර්ෂාවක්, ඉහළ
උෂ්ණත්වයක් (24 දක් පමණ), මැටි සහිත සියලු පස සහිත ජලය `දවා තැබිය හැකි සහ
ඉවත්කළ හැකි තැනිතලා බිම් හෝ හෙල්මලු බෑවුම් හා අස්වැන්න නෙළන කාලයේදී වියළි
දේශගුණයක් වී වගාවේ ප්රවර්ධනයට අවශ් වේ.
වී වගාවට අවශහ් ජල අවශහ්තාව සපුරා ගැනීම උදෙසා ජලාශ වැව් අමුණු
ඉදිකරමින් ජල කළමනාකරණය නිසි ලෙස ඉටුකරමින් වී වගාව ව්යාප්ත කිරීමේ ක්රියාවලිය
ලංකාව තුළ ක්රමයෙන් ක්රියාත්මක විය. වාරිමාර්ග ජලය සහ ජල සැපයුම පාලනය කිරීමේ
ස්වභාවය යන සාධක පදනම් කොට ගෙන වී වගාව තීරණය කරන අතර මෝසම් වැසි
ලැබීම අනුව ප්රධාන කන්න දෙකක් වී වගාව `දහා යෝග් වේ. එනම් යල කන්නය, මහ
කන්නය යන කන්න දෙකයි. නිරිතදි මෝසමෙන් පෝෂණය වන යල කන්නය මාර් තු මැදදී
ආරම්භ වී අගෝස්තු සැප්තැම්බර් දක්වා ක්රියාත්මක වේ. යල කන්නය මු` ප්රතිශතයෙන් 30%
ක් පමණය. බක් මාස මුල් කාලයේ සූර්යා මුදුන් වීමත් සම` ගොවියා පස සකස් කිරීම
ආරම්භ කරනු ලබයි. අනතුරුව දිරාපත් වන තණකොළ කොටස් පසට
කාබනික පොහොරක්(කොම්පෝස්ට්) ලෙස අවශෝෂණය වීමට යම් කාල සීමාවක් වෙන්කර
පසුව සුඵ වර්ෂාපතනයකින් පසු නියර බැදීම සිදුකරයි

 නියර බැදීමෙන් කුඹුරේ සෝදා
පාලුව වලකාගත හැකිය. වී වැපිරීමට හෝ ගොයම් පැළ සිටුවීමට සුදුසු වන ලෙස බිම්
සකස් කිරීමෙන් අනතුරුව කැකුලන් ක්රමයට හෝ වී පැළ කොට වැපිරීම හෝ පැළ කොට
සිටුවීම හෝ සිදු කරයි. වියළි කාලයේදී පළමු අන්තර් මෝසම් වැසි මැයි මස දෙවන සතියේ
අවසන් වීමත් සමග දුර්වල වන බැවින්, යල කන්නයේ ඉතිරි කාලය බොහෝ විට
වර්ෂාවෙන් තොර වේ. එබැවින් කන්නය මුලදී ස්ථාපනය කළ බෝග තවදුරටත් ක්ෂ්ත්රයේ
පවතීනම් අතිරේක ජල සම්පාදනය කිරීමට සිදුවේ. තෙත් කලාපයේ පළමු අන්තර්
මෝසම් වැසි මැයි මස දෙවන සතිය අවසන් වීමත් සමග දුර්වල වුවද එම මාසය අවසන්
වීමට ප්රථම නිරිතදිග මෝසම් වැසි ආරම්භ වන බැවින් ජුලි අග හෝ අගෝස්තු මුල් සතිය
දක්වාම එම කලාපයේ යල කන්නය පුරාම බොහෝවිට ප්රමාණවත් වර්ෂාවක් ලැඹේ

සමස්තයක් ලෙස යල කන්නයේ වැසිවල කාලීන විචල්යතාවය මහ කන්නයට වඩා
සාපේක්ෂව වැඩි වන අතර මේ නිසාම යල කන්නයේ වගාවන් විශේෂයෙන් වියළි
කලාපයේ ජල ඌනතාවයට ලක් වීමට ඇති අවදානම වැඩිය. මෙකී වගා කන්නය
පුරාණයේදී  අකල˜ ලෙස හැදින් වූ බවට තෝනිගල සෙල්ලිපිය සාක්ෂි දරයි. එම වචනය
පසුව යල ලෙස භාවිතයට පැමිණ ඇතිබැව් විද්වතුන්ගේ මතයයි.
ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබෙන මාස් කන්නය මු` දිවයිනටම සංස්කෘතිය
කැන්දන කාලපරිච්ජේදයකි. මෙම කන්නය ඔක්තෝම්බර් මාසයෙන් ආරම්භ වී පෙබරවාරි
හෝ මාර්තු මාසවල අවසන් වෙයි . මහ කන්නය මු` ප්රතිශයෙන් 70%කි. දිවයිනටම වැඩිම වැසි හෙවත්මහා වැසි ˜ ලැබෙන කාලය නිසා මෙකී කන්නය මහ
කන්නය ලෙස හැදින්වූවා යැයි උපකල්පනය කළ හැකි අතර තවත් විද්වතුන්ගේ මතය වූයේ
මාවී˜ වගා කළ කන්නයමා කන්නය˜ ලෙසත් එය ව්යඅවහාර පහසුව උදෙසා පසුවමහ
කන්නය˜ වූ බවයි. ඊසානදිග මෝසම දුර්වල තත්ත්වයන් යටතේ වුවද වැසි ලැබෙන
නැගෙනහිර පළාත හා ඌවවෙල්ලස්ස ප්රදේශය තුළ සාමාන්යයෙන් මහ කන්නය ඉතා
සාර්ථක වගා කන්නක් වන අතර එය බල පවත්නා කාලය ඔක්තෝම්බර් සිට පෙබරවාරි
දක්වා මාස පහක පමණ කාලයක් ගනී. මේ නිසාම එකී ප්රදේශ වල උස් බීම් පවා ලියදි බවට
පත්කර වී වගාව `දහා යොදාගෙන ආහාර සුරක්ෂිතභාවය ඇති කර ගැනීමට ඔවුන් පෙළඹී
ඇත. මාස් කන්නයේ සාරවත් පසක් යටතේ වගුරු කුබ්ඹ(.රු වල වුවද වගා කිරීම සිදුකළ
හැකිය. මහ කන්නයේ වීගොවියා යල කන්නයට වඩා වැඩි අස්වැන්නක් ලැබෙන කන්නකි.
වී පැලෑටිය පරපරාගනයෙන් තොරවන අතර ස්වභාවයෙන්ම ස්වපරාගනයෙන්
යුක්ත ෙව්. එනම් වී පැලෑටියේම පුෂ්පයන් විකසිත වීමට පෙර හෝ එඅත් සම`ගම එම
පුෂ්පයන් තුළ වූ පරාග මගින් එහිම කලංකයන් පරාගනය කෙරෙයි.  

වී පැලෑටියේ මෙම ස්ව
පරාගනය ප්රතිශතයක් වශයෙන් 99.9 පමණ වේ. ස්වපරාගනයයේදි සිදුවන
නුමුහුන් පැලෑටියක බීජ මව් ගසේ ලකුණු සියල්ලම එලෙසින්ම ගෙන යනු ලබන අතර යම්
වෙනසක් පාරිසරික වෙනස්වීම මත සිදු වූවද එය ආවේණිකව ඉදිරියට ගෙනයන ලක්ෂණයක්
නොවේ. වී වගාෙව් ස්වපරාගනය නිසා එම ප්රභේදයට ආවේණික ලක්ෂණ එ් ආකාරයෙන්ම
නොවෙනස්ව ඉදිරියට පවත්වාගෙන යා හැකිය. පර පරාගනයක් සිදු නොවන වී පැළෑටියක
පරිණාමය තුළින් විවිධ ප්රභේද බිහිවුනේ කෙසේද යන්න ගැටලුවක් පැනනඟී. පෙර දක්වන
ලද පරිදි වී පැළෑටියක ස්වපරාගනය වීමේ ප්රතිශතය 100% නොවන නිසා යම් ප්රමාණයක්
පරපරාගනය වීම නිසා යම් ප්රභේදයන් ඇතිවිය හැකිය. මෙහිදි ඇතිවන ප්රභෙඅදයන් දෙමුහුන්
වීමෙන් මව්පිය පැළෑටිය තුළ වූ නිලීන එකිනෙක වෙනස් නානාවිධ ලක්ෂණ රැගත්
පැළෑටියක් ඇති වේ. වී වගා කිරීමේදි නියමිත කන්නයට වගා කිරීම අත්යවශ්‍ය කරුණකි.
විශේෂයෙන් නියමිත කන්නයට වගා කිරීම හා යායේ ගොවීන් සියලු දෙනා එකමුතුව එකවර
වගාකිරීම මගින් ගොවීන් බලාපොරොත්තු වන්නේ වර් ෂා ජලය සහ හිරු එළිය වගාවට
උපරිම ලෙස ප්රයෝජනයට ගැනීමත් රෝග සහ පලිබෝධ වලින් වගාව ආරක්ෂාකර
ගැනීමටත් හැකිය. ගොවියා වගා කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට මහ කන්නයේදි
පෙබරවාරි 15 සිට මා ර් තු 15 හා යල කන්නයේදි අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 අතර
කාලවකවානු තුළදි අස්වනු නෙළාගත හැකිවන පරිදි වී ප්රභේදයේ වයස අනුව වගාව
ආරම්භ කළ යුතුය. එකම යායක් තුළ පැළ සිටුවීම, වැපිරීම, පැළ
ගොයම, පදුරු දමන ගොයම, පූදි ගොයම යනාදි වී වගාවේ විවිධ අවස්ථාවන් එකම
කාලපරිච්ජේදයක් තුළ අවසාන කිරීම වී වගාfවි අස්වනු උපරිම කර ගැනීමට හේතු වේ. වී
වගාව තුළ දැකගත හැකි ප්රධාන අංශ කිහිපයකි. එනම් භූමිය සකස් කිරීම, බීජ තේරීම ,බෝග
සංස්ථාපනය, ජල කළමනාකරණය, පෝෂණ කළමනාකරණය, පලිබෝධ සහ රෝග
පාලනය, අස්වැන්න නෙළීම, පසු අස්වනු කටයුතු ප්රධාන අංශ වේ.
වී වගාව සදහා බිම් සකස් කිරීම ඉතාමත් වැදගත් ක්රියාවලියකි

 බිම් සකස් කිරීම
යටතේ මඩට බිම් සකස් කිරීම සිදුවීමේදී පළමු සී සෑම අගල් 8 -10 ක් පමණ ගැබුරට පස
බුරුල් වනසේ සී සෑම සිදුකරයි. මෙහිදී තැටි නගුල, යකඩ නගුල මේ සදහා භාවිතා කළ
හැකිය. පළමු සී සෑමේ§ පොළව යටින් ඇති තද ස්ථරය කැඩී මතුපිට පස් සමග මිශ්
වීමෙන් පසේ සාරවත් බව වර්ධනය වේ. පළමු සී සෑම සමග කාබනික පොහොර ලෙස
පිදුරු හෝ කොළ පොහොර යෙදී මගින් පස සාරවත් ගැනීමෙන් ඉහළ අස්වැන්නක්
ලබාගත හැකිය. දෙවන සී සෑම ආරම්භ වන්නේ පළමු සී සෑම සිදුකර දින 10-14 කට
පසුවය. රොටවේටරය හෝ කොකු නගුල භාවිතාකර දෙවන සී සෑම හරස් අතට සිදුකරනු
ලබයි. දෙවන සී සෑමෙන් පසු නියර බැදිම සිදුකරන අතර අනතුරුව
පෝරු ගෑම සිදුකරයි. පෝරුගෑම සිදුකිරීමෙන් කුබුර මතුපිට එ්කාකාරි මට්ටමට සකස්
කිරීමෙන් පසු පැළ වී ඉසිනු ලබයි. සමහර ප්රදේශවල වී කැකුලන් ලෙස ඉසින අතර සමහර
ගොවීන් පැළ කර සිටුවයි.

3 comments:

  1. ������������

    ReplyDelete
  2. හොඳ වැඩක් සහෝ ඉදිරියටම යන්න

    ReplyDelete
  3. Through this post, I know that your good knowledge in playing with all the pieces was very helpful. I notify that this is the first place where I find issues I've been searching for. You have a clever yet attractive way of writing. blogsempire

    ReplyDelete