ශ්‍රී ලංකාවේ කෘෂිකාර් මාන්තය
ලංකාව අතීතයේ සිටම කෘෂිකාර්මික රටක් වශයෙන් පැවත එන්නකි. ආර්යයන්ගේ පැමිණිමත් සමගම ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආරම්භය සිදුවිණැයි අනුමාන කළ හැකිය. විදේශ ආක්රමණයන්ට පෙර ලංකාවේ කෘෂිකර්මය මුළුමුනින්ම පාහේ ආහාර නිෂ්පාදනයට පමණක් සිමා වු යැපුම් ආර්ථිකයක් විය. නමුත් විදේශ ආධිපත්යයෙන් පසුව ලංකාවේ කෘෂිකර්මයේ සැලකිය යුතු වෙනස්කම් රාශියක් සිදුවිය.

· ගම්සභා ක්රමය අවලංගු කිරිම
· රාජකාරි ක්රමය වෙනස් කිරිම
· මුඩු ඉඩම් පනත
· පිටරටින් සහල් ආයාත කිරිම
· ග්රාමීය අංශයට ප්රවාහන පහසුකම් නොසැපයීම
· අධිරාජ්යවා
ප්රතිපත්තිය
· අසාධාරණ බදු අය කිරිම
· වාණිජ භෝගයන්හි ලාභදායිත්වය වැඩිවීම
නමුත් ඇතැම් අවස්ථාවලදි උද්ගත වු ආර්ථිකමය සහ දේශපාලනමය කරුණු නිසා දේශිය කෘෂිකර්මය කෙරෙහි යටත්විජිත පාලකයන්ගේ අවධානය යොමුවිය. පිටරටින් සහල් ආයාත කිරිම වැනි කරුණු වලට විශාල මුදලක් වැය කිරිමට සිදුවිය. එනිසා ඔවුන් මෙරට තුළ සහල් නිෂ්පාදනය කිරිම කෙරෙහි අවධානය යොමුකරන ලදි. එමෙන්ම
ජනගහන වර්ධනය අධික වීම නිසා ද දේශිය කෘෂිකර්මය කෙරෙහි තවතවත් අවධානය යොමු විය. ඒ අනුව,
·
1912 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටවන ලදි
·
1912 කෘෂි පර්යේෂණායතනය ආරම්භ විය
·
1931 ඩොනමෝර් ප්රතිසංස්කරණයෙන් ඉඩම් හා ගොවිජනපද ප්රතිපත්තියේ සැළකිය යුතු වෙනසක් ඇතිවිය.
· කෘෂි කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ නිලධාරීන් පත්විය. මෙහි සභාපති වුයේ ඬිඑස්. සේනානායක මහතාය.
මේ ආකාරයට ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ දදියුණුව නැවතත් වර්ධනය වන්නට විය. මේ සමගම වී වගාව මෙන්ම එළවළු, පළතුරු වැනි අනිකුත් කෘෂි භෝග වගාව කෙරෙහිද අවධානය යොමු වු අතර ශ්රි ලංකාවේ කෘෂි ක්ෂේත්රය නැවතත් දියුණු තත්ත්වයට පත්විය. කෘෂි ක්ෂේත්රය මෙරට තුළ නැවතත් පිබිදිමට ලක්වීමට මෑත කාලිනව බලපාන ලද ප්රධානම හේතු සාධක දෙකක් බවට පත්වන්නේ,
· හරිත විප්ලවය
· විවෘත ආර්ථික ප්රතිපත්තියයි.
හරිත විප්ලවය මගින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බීජ වර්ග නිපදවිම, නව රසායනික කෘමිනාශක වර්ග හඳුන්වා§ම, නව යන්ත්‍රසුත්‍ර උපයෝගි කරගනිමින් වගා කරනු ලබන ආකාරය හඳුන්වාදෙමින් නව යන්ත්‍ර සුත්‍ර නිපදවිම, නවීන තාක්ෂණික ක්රම හඳුන්වා§ම වැනි ක්රියාමාර්ග අනුගමනය කරන ලÈ. පිලිපීන රාජ්යයේ 1960 ගණන් වල ආරම්භ වු මෙම හරිත විප්ලවය ක්රමක්රමයෙන් ශ්රි ලංකාව තුළට ද පිවිසෙන ලÈ. ඒ අනුව ශ්රි ලංකාව තුළ ද කෘෂිකර්මාන්තයෙහි නව වෙනසක් ඇති කිරිම උදෙසා හරිත විප්ලවය මහෝපකාරි විය. එමෙන්ම 1977 විවෘත ආර්ථික ප්රතිපත්තිය හඳුන්වා§ම ද මෑත කාලීනව ශ්රි ලංකාවේ කෘෂිකර්මාන්තයේ නැගි සිටිමට හේතු විය. වෙනත් රටවලින් නව බීජ
කෘමිනාශක වර්ග, නව තාක්ෂණය, යන්ත්‍ර සුත්‍ර ලබා ගැනීමට මෙම විවෘත ආර්ථිකය ප්රබලවම බලපාන ලද අතර එය කෘෂිකර්මාන්තයේ උන්නතියට හේතු විය.
ඒ අනුව ශ්රි ලංකාවේ කෘෂිකර්මාන්තය යටත් විජිත යුගයෙන් පසුකාලීනව ක්රමක්රමයෙන් නැවතත් Èයුණු වන්නට වු අතර ශ්රි ලංකාවේ කෘෂිකර්මාන්තය ප්රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.
01. වී ගොවිතැන
02. හේන් ගොවිතැන
කෘෂිකර්මය ප්රධාන ජීවනෝපාය කරගත් මෙරට ප්රධානම කෘෂි බෝගය වන්නේ වී වගාවයි. වී වගාවට අමතරව අනිකුත් කෘෂි භෝග ලෙස එළවළු, පළතුරු, ධාන්‍ය හා කුළුබඩු ආශ්රිත භෝග වගා කරනු ලැඹේ මෙහිදි අවධානය යොමු වන්නේ වී වගාව හැර අනිකුත් කෘෂි භෝග වගාව වෙතටය.
තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්රි ලංකාව වේගයෙන් සංවර්ධන ඉලක්ක කරා හඹායනු ලැඹේ එහිÈ මහල් නිවාස ඉÈකිරීම්, අධිවේගි මාර්ග ඉදිකිරිම් වැනි භෞතික සංවර්ධන කටයුතු වලට අවධානය යොමු කරනවා සේම මෙරට ප්රධාන ජීවනෝපාය වන කෘෂිකාර්මික ක්ෂේත්රයේ දියුණුව කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය. කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට, කෘෂි ආරක්ෂණ ක්රම ක්රියාත්මක කිරිමට, කෘෂි උපකරණ හඳුන්වාදීමට මෙන්ම කෘෂිකාර්මික ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි ද අවධානය යොමු කරමින් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.
බොහෝ රටවල කෘෂිකාර්මික ක්ෂේත්රයේ දියුණුව උදෙසා කටයුතු සිදුකරනු ලබන නමුත් කෘෂිකාර්මික ජනතාව වෙත යොමුකරනු ලබන අවධානය පහළ මට්ටමක පවති. නමුත් කෘෂිකාර්මික ජනතාවගේ ගැටලු අවම කර ඔවුන්ගේ දායකත්වය උපරිම අයුරින් ලබාගෙන රට සංවර්ධනය කිරිමට උත්සාහ ගත යුතුය.